Tuesday, February 19, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): වර්ගවාදී ජාතිවාදී ප්‍රශ්න ගැන කතා කර රට අවුල් කිරීමේ අවශ්‍යතාවක්‌ මට නැහැ

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
වර්ගවාදී ජාතිවාදී ප්‍රශ්න ගැන කතා කර රට අවුල් කිරීමේ අවශ්‍යතාවක්‌ මට නැහැ
Feb 20th 2013, 05:33



වර්ගවාදී ජාතිවාදී ප්‍රශ්න ගැන කතා කර
රට අවුල් කිරීමේ අවශ්‍යතාවක්‌ මට නැහැ
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

වර්ගවාදී හා ජාතිවාදී සිදුවීම් පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් රට අවුල් කිරීමට තමන්ට අවශ්‍යතාවක්‌ නැතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මෙසේද කීවේය.

රට තුළ සිදුවෙමින් පැවති වර්ගවාදී හා ජාතිවාදී සිදුවීම් නම් වූ පොදු වැදගත් කමකින් යුත් කරුණකට අදාළව 2013 පෙබරවාරි මස 06 වන දින මා හට ප්‍රශ්නයක්‌ මතු කිරීමේ අවස්‌ථාව ලැබුණු අතර එහිදී මවිසින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා විසින් එබඳු සිදුවීම් සිදුවූයේය යන්න ප්‍රතික්‌ෂේප කරමින් සිදු කළ ප්‍රකාශයට යොමු වූවෙමි.

2013 පෙබරවාරි මස 07 වන දින මෙයට පිළිතුරු සපයමින් සභානායකතුමා විසින් ප්‍රකාශ කරන ලද්දේ මවිසින් කරුණු විකෘති කර ඇති බවයි. පහර දීමට ලක්‌ව ඇති මුස්‌ලිම් පල්ලි කවරේද යන්න සහ මෙම සිදුවීම් සිදුවී ඇත්තේ කවර කාල වකවානුවකදී ද යන්න විමසමින් එතුමා විසින් ඒ පිළිබඳව විස්‌තර සපයන ලෙස මා හට අභියෝග කරන ලදී.

මුස්‌ලිම් පල්ලි හෝ ආගමික කණ්‌ඩායම් වෙත පහරදීම පිළිබඳ කිසිsඳු සිදුවීමක්‌ සිදුවී නොමැති බවට පොලිස්‌පතිවරයා විසින් දැනුම්දී ඇති බවද එතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

මවිසින් ප්‍රකාශ කරන ලද පරිදි අදාළ තොරතුරු සහිතව ඉදිරියේදී ඇමැතිතුමා වෙත දැනුම්දීම සිදුවනු ඇති නමුදු කුරුණෑගලදී හා හිරියාලේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කිරීමට කැමැත්තෙමි.

පළමුකොට, යම් භික්‍ෂූන් පිරිසක්‌ ඉඟුරුවත්ත මුස්‌ලිම් පල්ලියට ඇතුළුවී පිරිත් සඡ්Cධායනා කොට එම මුස්‌ලිම් පල්ලිය වසා දමන ලෙස දැනුම් දුන් අවස්‌ථාවක්‌ ගෙනහැර දක්‌වන 2012 ජුලි 26 දිනැති සුඩර් ඔලි නම් දෙමළ පුවත්පතේ මුල් පිටුවට යොමු වීමට කැමැත්තෙමි. එම පුවත්පතේම යොමු වූ තවත් සිද්ධියක්‌ මගින් දක්‌වන්නේ මිනිසුන් විසින් බලහත්කාරයෙන් අඹන්පොළ මුස්‌ලිම් පල්ලියේදී ශුද්ධ වූ කුරානය ඉවතට වීසි කර දමන ලද බවයි.

අමුණා ඇති පෙත්සමක්‌ හා නිකදළුපොත, ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් විසින් මකුල්වැව විහාරාධිපති අමතන ලද 2011 දෙසැම්බර් 29 දිනැති ලිපිය සහිතව මකුල්වැව අක්‍රම් මුස්‌ලිම් දේවස්‌ථානයේ සිදුවූ සිදුවීමකට යොමුගත වෙමින් එම්. ටී. බදුර්දීන් මහතා විසින් ජනාධිපතිතුමා අමතන ලද 2012 අප්‍රේල් 14 දිනැති ලිපියට ද යොමු වෙමි.

එබැවින්, හිරියාල හා කුරුණෑගල ප්‍රදේශවල කිසිදු සිදුවීමක්‌ සිදුවී නොමැති බවට වන පොලිස්‌ වාර්තා සාවද්‍ය වේ. මෙම ප්‍රදේශයේ නොකඩවා පවතින අවිනිශ්චිත තත්ත්වයක්‌ පවතී. එබැවින් පැමිණිලි ඉදිරිපත් කරමින් මෙම කරුණ පොලිසියේ අවධානයට යොමු කර ඇති පළාත් සභා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසමින් රජය මෙම කරුණ පිළිබඳව ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සිදු කරන්නේද?

හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් පවසමින් රට අවුල් කිරීමට මට අවශ්‍ය නැහැ. රටේ පවතින තත්ත්වය නිසා ඒ තොරතුරු මෙහි ප්‍රකාශ කළ නොහැකියි. ඒවා ලිතව දෙන්නම්, ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් විස¹ගත යුතු යෑයිද විපක්‍ෂ නායකවරයා කීය.


http://www.divaina.com/2013/02/20/news30.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment