Tuesday, February 26, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): සත්තු මරණ එක පවක්ද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
සත්තු මරණ එක පවක්ද?
Feb 26th 2013, 21:32


සත්තු මරණ එක පවක් එත් එය යහපතකට කරන්න සිදුවන විට සත්තු මරණ එක වැරදි නැත. උදාහරණයක් හැටියට නයෙක් තමන්ව දෂ්ඨ කරන්න හදනවා නම්, කොටියෙක් සිංහයෙක් තමන්ට හානියක් කරන්න එනවා නම්, ගොයම විනාශ කිරීමට වෙර දරන කෘමීන් වුවත් සතෙකි. මෙම සතුන් මැරීමට සිදුවීම පාපයක් නම් මේ ලොව ජීවත් වෙන්න බැහැනේද?.

ඊළඟ ප්‍රශ්නය සතෙක් මරා අනුබව කිරීම හෙවත් ආහාරයට ගැනීම. අපි එස්කිමෝවරු ගෙන දන්නවා. ඔවුන් අනිවාර්යයෙන්ම මාංශ ආහාර ගත යුතුය. හේතුව, අධික සීතල සඳහා ඔරොත්තු දෙන්නේ ඔවුන්ගේ සමට යටින් ඇති මේද තට්ටුව නිසාය. එපමණක් නොව ඔවුන්ට ශාක ආහාර සොයාගත නොහැකිය. මෙයට අවුරුදු සීයකට පෙර කාන්තාර පෙදෙස්වල ජීවත් වූ මිනිසුන්ට ශාක ආහාර ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණි. ඔවුන් ජීවිතය ගැට ගහගත්තේ සත්ව ආහාර ගැනීමෙනි. ඒ නිසා මුස්ලිම් වරුන්ට සත්ව මාංශ ආහාර තහනම් නැත. තහනම් නැත යනු අනිවාර්යය නොවේ. අනුමැතිය පමණී.

අපි දන්නවා ජපානය බෞද්ධ රටක්. එහි සත්ව ආහාරවලට කිසිම තහනමක් නැහැ. අපගේ ප්‍රශ්නය කුඩා කල සිටම සමහර බෞද්ධයන් එළදෙන හෝ හරකා සමග සමීපව ජීවත් වූ බැවින් ඔවුන්ට මෙම සතා පිලිබඳ ආදරයක් කරුණාවක් තිබෙනවා. එය වැරදි ක්‍රියාවක් නොවේ. ඉතා වටිනා දෙයක්.

සමහරු සියලුම මාංශ වර්ග අනුභව කරනවා නමුත් හරක් මස් ඔවුන්ට තහනම්ය. හේතුව ඌ විශාල ලෙස පෙනෙන සතෙකි.

සමහර ලංකාවේ බෞද්ධයන් සියලුම මාංශ ප්‍රතික්ශේප කරනවා. නමුත් චීනය ගත්විට එයද බෞද්ධ රටකි. ඔවුන්ට එහෙම ප්‍රශ්නයක් නොමැත. කොරියාව බෞද්ධ රටකි ඔවුන්ටත් ප්‍රශ්නයක් නැත. නමුත් ලංකාවේ සමහර බෞද්ධයන්ට මෙය ප්‍රශ්නයකි. ඒ නිසා මස් කන අයව ඔවුන්ට පෙන්න බැහැ. අවස්තාවක් ලැබුණු විට පුළුවන් තරම් අම්මා තාත්තාව පමණක් නොවේ හත්මුතු පරම්පරාවටම පොතු යන්න වැඩේ දෙනවා. ෆේස් බුක් වීරයන් එයටත් එහා. තම්බීන්ව තම්බනවා. තම්බින්ට ප්‍රශ්නක් තියෙනවා ඔවුන් සැමවිටම තේරුම් කර දෙන්න උත්සහ කරන්නේ ඔවුන්ගේ ආගම තුලින්ය. ඒ නිසා තව ටිකක් ඔවුන්ට පොතු යන්න දෙන්නේය. කුරානය හැරෙන්නට ඔවුන්ට කල්පනා කරන්නට මුකුත් නැති බවත් මිත්‍යා දෘෂ්ටික බවත් කියා ඔවුන්ට ලේබලයක් අලවනු ලබන්නේය. ආගමෙන් නීති දමා තද කර ඇතිබවත් සමහරුන් චෝදනා කරනවා. නමුත් බෞද්ධ නීතිය කියා සත්වයන් ආහාරයට ගත් විට පතුරු යන්න වැඩේ දෙන්නෝය.
ලංකාවේ හරක් මාංශ වලින් 70% පරිභෝජනය කරන්නේ සිංහල බෞද්ධයන්ය. නමුත් සතාව මරන්නේ මුස්ලිම් අයයි. මේක හුදෙක් බොරු චෝදනාවකි. සිංහල බෞද්ධයන්ගේ පරිභෝජනයට අවශ්‍ය හරක් මස් සඳහා හරකව මරන්නේ සිංහල බෞද්ධයාමය. නමුත් බැනුම් අහන්නේ ඔරවන්නේ මුස්ලිම් මිනිසාටය. හේතුව හරක් මස් කෑම මුස්ලිම් මිනිසාට තහනම් නැත. ඉහතකී පරිදී ඔවුන්ට හරක් මස් කෑමට ගැනීම අනිවාර්ය නොවන අතරම තහනම්ද නොවේ. නමුත් බෞද්ධයන්ට තහනම්ය.

මොන තහනම් තිබුනත් ඔවුන්ගෙන් වැඩි කොටසක් මස් අනුභව කරනු ලබනවා. ඔවුන් පිලිබඳ ඇසුවිට කියන්නේ බෞද්ධ ධර්මයේ නීති නැත කියාය. එයම අබෞද්ධයෙක් කලවිට ඔහුට පතුරු යන්න දෙන එක නීතියට යටින්ය. එසේ නම් කල යුත්තේ කුමක්ද? පුළුවන් තරම් මේ රටේ එනම් සිංහල බෞද්ධයන්ව දැනුවත් කල යුතුය. ඔවුන්ව මස් පරිභෝජනෙයන් නැවැත්විය යුතුය. සිංහල බෞද්ධ කියා සඳහන් කලේ අන් බෞද්ධ රටවල් වල මෙය ප්‍රශ්නයක් නැති නිසාය. චීනය, ජපානය, කොරියාව, තායිලන්තය වැනි රටවල්වල රාජ්‍ය මට්ටමින් හෝ සමාජමය වශයෙන් හෝ මෙය තහනම් නැත. මුස්ලිම් අයගේ භාෂාවෙන් හරාම් නැත. මෙම රටවලද මස් මාංශ නොකන අය නොසිටිනවා නොවේ නමුත් ඔවුන් මස් කන අයව බලා රවන්නේ නැත. ඔවුන්ට දොස් පවරන්නේද නැත. ඔවුන්ට හරක් මස් පමණක් නොවේ කිඹුලාගේ මසද ඔට්ටුය. අලියාගේ වුවත් ඔවුන්ට කම් නැත. නමත් ලංකාවේ සමහර බෞද්ධයන්ට හරක් මස් බලෙන් හෝ නීති දමා හෝ නැවත් විය යුතුය. නමුත් පවසන්නේ බුද්ධ ධර්මයේ නීති නැත කියාය. නීති දමා මිනිසුන්ව කොටු කරන්නේ ඉස්ලාම් ධර්මය පමණක්ය.

හේතුව

1. මුස්ලිම් අය එකම දෙවියන්වන අල්ලාහ්ට පමණක් අවනතවන අතර වෙන කිසිම දෙයකට හෝ කෙනෙකුට දේවත්වයෙන් නොසලකති. පිළිම වන්දනා නොකරති. (නමුත් බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් වාහනයක් මිලදී ගත්විට වුවද සමන් දෙවියන්ගේ  ආශීර්වාදය බල පොරොත්තු වන්නේය. නොයෙකුත් භාරහාර කරන්නේය. නමුත් පිටට කියන්නේ දෙවියන්ට වඩා මිනිසා ශ්‍රේෂ්ට බවය. බුදුන් වහන්සේ දෙවියන්ට පුද පුජා කිරීමක් කර නැති බවය. බුදුන්ගේ පිලිමයටවත් පුද පුජා නොකළයුතු බව ඔවුන්ම පවසන්නේය.)

2. ඔවුන් දිනකට පස් වතාවක් අල්ලාහ් සමග සංවාදයක යෙදිය යුතුය. මෙහිදී ඔවුන්ට භේද නැත. දුප්පත් වුවත් පොහොසත් වුවත් කුමන පවුලකට අයත් වුවන් වුවත් ලගම තිබෙන පල්ලියකට ගොඩවී එකම පේලියේ සිටගෙන ආගම කියන්නෝය. තමන්ව දුශ්ශීල හා පාපක්‍රියාවලින් ඈත්කර තබන ලෙස දෙවියන්ට කන්නලව් කරන්නෝය. මෙය බලන සමහර බෞද්ධයන්ට ඇස්වලින් දුම් යන්නේය. ඒ ඔවුන් මසකට සැරයක් එන පෝයටවත් පන්සල් යන්නේ නැති නිසාය.

3. මුස්‌ලිම අය තමන්ගේ වස්තුවෙන් අවුරුද්දකට වරක් සියයට දෙකාහාමාරක් (2.5%) දුප්පතුන්ට දිය යුතුය. මේ නිසා මුස්ලිම් අය දියුනුවන්නේය. මේ දියුණුව බලන සමහර බෞද්ධයන්ට තරු පෙනෙන්නේය. මුස්‌ලිම ව්‍යාපාර වර්ජනය කලයුතුයි හඬ නගන්නෝය.

4. මුස්ලිම් අය අවුරුද්දට සම්පුර්ණ මාසයක්ම උපවාසයේ සිටින්නෝය. බඩගින්න හෝ තිබහව පමණක් නොව තමන්ගේ සිත හා කය සියල්ල උපවාසයේය. මේ මාසය දුප්පතුන්ට සතුටු දායක මාසයකි. උපවාසයේ සිට ශ්‍රද්ධාව බලා පොරෝතුවන මුස්ලිම් භක්තිකයා දකින දකින තැන දුපපතුන්ට සලකනු ලබන්නේය. නැත කියා කියන්නේ නැත.

5. මුස්ලිම් අය තමන්ගේ ආයුෂ කාලයෙන් එක වතාවක් හෝ ඒ ශුද්ධවූ මක්කමේ ඇති අල්ලාහ්ගේ නිවස දර්ශනය කල යුතුය. ලක්ෂ ගණන් ලෝකයේ සෑමමුල්ලකම සිට මුස්ලිම් ජනතාව ජන ගඟක් සේ මක්කමට ගලා එන්නෝය. උස් පහත් ලොකු කුඩා සුදු කළු භේදයක් නැත. මහා රජා වුවත් රටේ ජනාධිපතිවුවත් එකම පාට සුදෝ සුදු පාට රෙදි කෑලි දෙකක් පමණක් ඔතාගෙන සිටින්නෝය. දෙවියන් ඉදිරියේ සියල්ලෝම සමානය. මෙහිදී අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කරන්නෝය. සතෙක් කැප කර ඒ සියලු මාංශ කෑමට කිසිවක් නැති, හාමතේ මැරී මැරී උපදින අප්‍රිකානු රටවල් වලට පටවන්නෝය. අඩුමගනනේ අප්‍රිකානු දුප්පත් ජනයින් සති කිහිපයක් හෝ බඩ පුරවා ගන්නෝය.

කොපමණ පැහැදිලි කලත් සමහරුන්ට මේවා බිහිරි අලියාට වීනාව වාදනය කලාක් මෙන්ය. මේ සියල්ල අසා ඊළඟ ප්‍රශ්නය ත්‍රස්තවාදියාය. මුස්ලිම් මිනිහෙක් වැරදි කල විට ඔහු මුස්ලිම් ජාතික අහවලාය. සිංහල මිනිහෙක් නම් පුද්ගලයකු විසිනි.

(දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ වේදිකා නිලියක් ගුවන් හමුදා භටයන් දෙදෙනකු හා තවත් දෙදෙනකු එක්වී දුෂණය කරයි. නමුත් මුස්ලිම් ජාතිකයකු පාන්ගෙඩියක් හොරකම් කලොත් මුස්ලිම් ජාතික අහවලා යනුවෙන් සඳහන් කරනු අනිවාර්යය.)

එතකොට මේ රට ඉංග්‍රීසින් පාලනය කරන කාලේ බොහොමයක් බෞද්ධයන් ත්‍රස්තවාදින්ය. වීරපුරන් අප්පු අපේ පාසල් පොතේ ජාතික වීරයාය. නමුත් සුද්දට ඔහු ත්‍රස්තවාදීය. නමුත් ඉරාකයේ තමන්ගේ රට වෙනුවෙන් කරලිගැසූ විට ඔවුන් ත්‍රස්තවාධීන්ය. ත්‍රස්තවාදය අර්ථ නිරුපනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට සියලු රටවල් එකතු කරගෙන සතිගණන් සාකච්චා පැවැත්වුවද නොහැකි විය. ළඟදී අපේ පාර්ලිමේන්තුවටද ත්‍රස්තවාධියා අර්ථ නිරුපනය කරන්න බැරිවූ බව විපක්ෂය රටපුරා හඬ බේර ගැසුවෝය. මේවා බලන අපේ රටේ සමහර අයට මුස්ලිම් මිනිහෙක් කුමක් හෝ කියූ විට ඔහු අන්තවාදිය ත්‍රස්තවාදීය. නමුත් කරන සියලුම දේ කරන්නේ මොවුන්ය. එල් ටී ටී එක අවසාන කාලයේ සිංහල කොටිද මතුවිය. එල් ටී ටී දෙමළ ත්‍රස්ත වාදීන්ය. දෙවන ලෝක යුද්ධයේ දී බෞද්ධ රටවල් දෙකක් වන ජපානය හා චීනය ඔවුන් එකිනෙකාට ත්‍රස්තවාධීය. බෞද්ධ ජපන් ත්‍රස්තවාදය මට්ටුකරන්න ඇමරිකන් ත්‍රස්තවාදියා හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලුවේය. ලක්ෂ පහක් ජපනුන් ඝාතනයට ලක් වුහ. දැන් ඕවා පළවන හා දෙවන ලෝක යුද්ධයන්ය.  ත්‍රස්තවාදය අහලකවත් නැත.

තව කියන්න කරුණු රාශියක් තිබුනත් ඒ සියල්ල ලියන්න අපට කාලයක් තිබුනත් එය කියවන්න ඔබට කාලයක් නැත. හේතුව මොකින් මොනවා කිව්වත් වැඩක් නැත. හිතේ මුද්‍රා තබා ගත්ත කොටසක් අපි අතරේය. අලුතින් යමක් සොයා මුසල්මානුවා රිදවිය යුතුය. ඒ ඔවුන්ගේ මෝඩ චුන්ය. මේක කියවන ඒ අයියලාට දැන් තරු විසිවෙන්නේය. මේ ලියපු මගේ හත්මුතු පරම්පරාවටම දෙයියන්ගේ පිහිටය. කුනුහරුපු වැසි වලාකුළු හා හෙන පාත්වෙන්නේය. මොනවා කිව්වත් මොළය වෙරළු ඇටයක් තරම්වත් තියෙන අයට කල්පනා කරන්නට යමක් ඉතුරු කර ඇත්තෙමු.

මෙයට මුසල්මානුවෙක් අම්භයෙක් සහ තම්බියෙක්.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment