Tuesday, July 31, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ඉස්ලාම් - අඳුරෙන් ආලෝකයට

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ඉස්ලාම් - අඳුරෙන් ආලෝකයට
Jul 31st 2012, 13:36


අඳුරෙන් ආලෝකයට


අයහපත් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායමක් යම් සමාජයක ජීවත්වීමේදී නොයෙකුත් අබියෝගයන්වලට මුහුණ දෙන්නට සිදුවේ. තවද, මුලු මහත් සමාජයම දුෂිත නම් තත්වය තවත් භයානකයි.

මෙවැනි සමාජයක ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ සමාජයේ අසමගියයි. සමහර අයහපත් ජනකොටස් ගෝත්‍රික වාදයක් ඇතිකරගෙන තම ගෝත්‍රය වෙනුවෙන් පාප ක්‍රියාවල යෙදෙති. මේ හේතුවෙන්ම එකම සමාජයක කුඩා ඒකක ගණනාවක් බිහිවීම නිසා එදිරිවාදිකම් ඇති වී විශාල වශයෙන් පිල්බෙදී එකිනෙකා ඇනකොටා ගැනීම සුලභ දර්ශනයක්වේ.

ඉහත සඳහන් කළ සමාජ ලක්ෂණ ඒ ආකාරයෙන්ම දැනට අවුරුදු 1500 කට පෙර අරාබි අර්ධද්වීපයේ දක්නට ලැබුණී. මෙම අරාබි සමාජයේ කිසිම අර්ථවත් යහපත් ජීවන සැලැස්මක් දක්නට නොලැබුණි.

එදා ඒ අරාබි සමාජය පිරිමි දරුවන් හා අශ්වයන් පමණක් ගෞරව ලෙස සැලකු අතර ස්ත්‍රීන්ට කිසිම අයිත්වසිකමක් නොලැබුනී. මෙනිසාම මොවුන් පවුලට අගෞරවය ගෙන දෙන අය වශයෙන්ද තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරන කෙලි භාණ්ඩයක් ලෙස ද පවත්වාගනු ලැබීය. මෙම අගෞරවයෙන් තම පවුල රැකගැනීමට සමහර ගෝත්‍රිකයන් තම ගැහැණු දරුවන්ව පණපිටින් වැලලුහ. කාන්තාවන්ට කිසිම ආකාරයක නිදහසක් මෙම සමාජය තුල දක්නට නොලැබුණී. සිතූ විට විවාහකර ගැනීමටත් සිතූ විට ඔවුන්ව අත් හැරීමත් ඉතා පහසුවෙන් කළහැකිවූ අතරම ඕනෑ තරම් සුරතලියන් අසුරුකිරීමටද තහනමක් නොතිබුණී. පියා, සහෝදරයා හෝ තම ස්වාමිපුරුෂයා හැර යන වස්තුන්වල කිසිම අයිතියක් එදා කාන්තාවන්ට නොලැබුණි.

මත්පානය හා අනියම් සම්බන්ධතාවයන් ගෞරව කොට සැලකු ඔවුන් ඉතා පහත් නීච ක්‍රයාවන් වල යෙදී සිටියහ. එකිනෙකා අතර වෛරය පැතිර වූ ඔවුන් අවුරුදු සිය ගණනක් යුද්ධ කළහ. අහිංසකයන්ව වහල්භාවයේ තබා සතුන්ගේ තත්වයට පත්කළහ. දුප්පතුන් අධිකවූ අතර පොහොසතුන් ඔවුන්ගේ ශ්‍රමය සුරාකෑමට ලක් කළහ.
  
නිසි ඇදහිලි ක්‍රමයක්‌ නොතිබූ බැවින් තමන්ට හා තම ගෝත්‍රිකයන්ට රිසිසේ පිළිම තනා වැඳුම් පිඳුම් කළහ. ඔවුන්ගේ භාරයන් ඉෂ්ට කිරීම සඳහා නිර්වස්ත්‍රව දිනපතා මෙම පිලිම වටා ගොස් යාඥා කරන තරමට මිත්‍යා දෘෂ්ටික පිළිම වන්දනය උච්ඡ අවස්ථාවකට පත්ව තිබුණි.

මෙම අඥාණ අඳුරු යුගයෙන් මිනිස් සමාජය බේරා, මිනිසා මිනිසකු ලෙස ජීවත්වීම සඳහා මාර්ගයක් පිළිබඳව එම සමාජයේ ජීවත්වූ අතලොස්සක් පමණ යහපත් පුද්ගලයන් පෙරුම්පුරමින් කාලය ගතකළහ.
කාලය එළඹුණි, මොවුන්ගේ සිහිනය සත්‍ය කරමින් මෙම සමාජය යහපත සඳහා මෙහෙයවීමටත්,  මෙම භයානක ගමන් මඟ වෙනස්කර මෙම දුර්ජනයන් අඳුරෙන් ආලෝකයට ගෙන ඒමටත් සර්වඥ අල්ලාහ් දෙවියන් විසින් ලොවට දායාදයක්වූ මුහම්මද් නැමැති යහපත් සත් පුරුෂයාව තම වක්තෘවරයා ලෙස තෝරා ගන්නා ලදී.
කුඩා කල සිටම යහපත් පුද්ගලයකු ලෙස හා ශ්‍රේෂ්ටතම ගතිපැවතුම් වලින් පරිපුර්ණවූ මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) තුමා තුල පහත සඳහන් ගතිපැවතුම් දක්නට ලැබුණී.

* අනුන්ට උදව්කිරීමේ පරාර්ථකාමීත්වය.
* මහා හෝ සුළු පාපක්‍රියවන්ගෙන් ඈත්වී යහපත පමණක් පැතිරවීම.( මේ නිසාම මෙතුමාට අල් අමීන් - විශ්වසවන්තයා, අස්සදික් - සත්‍යවන්තයා යන නාමවලින් අමතන ලදී.)
* තම නෑයන් හා මිතුරන් සමඟ පමණක් නොව සමාජයේ සියලූම දෙනා සමඟ සුහඳව ජීවත්වීම.
* මෙම සමාජයේ යහපත සඳහා වැඩි වැඩියෙන් උනන්දුවීම.
* ඉවසීම, තැන්පත්භාවය හා කාර්යක්‍ෂමතාවය.
* නායකත්වය හා පෞරුෂත්වය

මෙම සමාජය ගොඩගැනීමට අවශ්‍ය සියලුම සුදුසුකම් හා හැකියාවන්ගෙන් පිරිපුන් මෙතුමා මෙම සමාජයේ උන්නතිය තකා හද පතුලෙන්ම දුක් වුහ. මෙසේ මෙම සමාජය යහපත් සමාජයක් කරා රැගෙන යෑමට ක්‍රියාත්මක කලයුතු මංමාවත් සොයා මෙතුමා තනියෙන්ම අරගලයක නියුතු වුහ. මෙහි ප්‍රතිපලයක් ලෙස මෙතුමා හීරා නම් ගුහාවකට ගොස් තනියෙන් කල්පනා කරන්නට පුරුදු විය. මෙසේ කාලය ගෙවීයත්ම එතුමාගේ 40 වැනි වියෙහි මෙම හීරා ගුහාව තුල විශේෂ සිද්ධියකට මෙතුමා මුහුණ දෙන්නට විය. එනම් අල්ලාහ් දෙවියන් විසින් මිනිස් සමාජයේ විශිෂ්ට පෙරළියකට තුඩුදුන් යහපත් ජීවන සැලැස්මක් වන අල්කුර්නය මෙතුමා අතට පත් කිරීමයි.

(ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න)  

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions