Saturday, September 29, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත‍්‍රී යෝජනාවක් (ඉස්ලාමීය ආකල්පය)

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත‍්‍රී යෝජනාවක් (ඉස්ලාමීය ආකල්පය)
Sep 29th 2012, 20:23



ශ්‍රී ලංකික සමාජයේ අහිංසක සහෝදරියන්ගේ නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව ඉතා පහත් මට්ටමකට තල්ලු කරන ක්‍රියාවක් හැටියට මෙම යෝජනා හැදින්විය හැකිය. තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා අපේම සහෝදරියක්, දුවෙක්, මවක් අසරණ වූ අවස්ථාවක ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීම කිසිම ශිෂ්ට සමාජයක් හෝ පුද්ගලයෙක් අනුමත නොකරයි. නමුත් මේ පිළිබඳව සමහර අයගේ අදහස නම් වෙනස් දෙයකි.

1. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කිරීම මගින් රටේ ස්ත්‍රී දුෂණ හ ළමා අපචාර අඩුවෙයි.
බැලු බැල්මට නිවැරදි වගේ පෙනුනට ඉතා ගැඹුරින් මෙය අධ්‍යයනය කර බැලුවිට මෙහි ඇති බරපතල වැරදි මතය පහත දත්ත මගින් පැහැදිලි වේ.

ලොව වඩාත්ම අපරාධ සිදුවන රටවල්වලින් ඉහල මට්ටමෙන් සිටින රටවල් පහත දැක්වේ.

World Top Ten Countries With Highest Reported Crime Rates
CountryCrime Rate
United States11,877,218
United Kingdom6,523,706
Germany6,507,394
France3,771,850
Russia2,952,370
Japan2,853,739
South Africa2,683,849
Canada2,516,918
Italy2,231,550
India1,764,630


ඉහත සියලුම රටවල් වල මෙම ගණිකා මඩම් නීතිගත කර ඇති අතර මේ රටවල් වල කිසිම විදියකින් අපරාධ, දුෂණ හා ළමා අපචාර අඩුවීමක් පෙනෙන්නට නැත.එහි අනිත් පැත්ත එනම් මේ රටවල් වල ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර වර්ධන වී ඇතිබවක් පෙනෙන්නට තිබේ. හේතුව මෙම ගණීකා මඩම් වලට ඇබ්බැහි වුවන් තමන්ට ඒ සඳහා මුදල් නොමැති වූ විට හෝ ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු විට ස්ත්‍රී දුෂණයට හෝ ළමා අපචාරයට ගොදුරුවීමේ ප්‍රවණතා වැඩිවී ඇත.

2. මුස්ලිම් කාන්තාව සම්පුර්ණයෙන් වසා සිටීම නිසා පිරිමීන්ට ආශාව වැඩිවේ.

පහත් කාමාශාවන් ඇති සමහර පිරීමින්ගේ කතා වශයෙන් මෙය හඳුන්වා දිය හැකිය. කෙනෙකු තමන්ගේ ශරීරයේ කොටස් නොපෙනෙන සේ වසාගෙන සිටීමෙන් තවත් කෙනෙකුට ආශාව ඇතිවනවා නම් එය මානසික ලෙඩකි. මනෝවිද්‍යාත්මක බලනකල සමහර මන්ද බුද්ධික මානසික ලෙඩුන් යම් කාන්තාවන්ගේ සෙරෙප්පු දොරකඩ තිබීම දැකීමෙන්ම ඔවුන්ට කාමය උදිදීපන වේ. මෙවන් මන්දබුද්ධිකයන් වෙනුවෙන් කනතාවගේ ගෞරවය කෙලසිය හැකිද?
මුස්ලිම් රටවල් වශයෙන් ගත් කල අන් රටවල් වලට වඩා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ඉතාමත් පහත මට්ටමක තිබීම දැකිය හැකිය.

3 කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ.

මෙය පිළිගත හැකි නොහැකිය. මෙය මෙසේ නිවැරදි විය යුතුය එනම් සමහරුන්ට කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ. නිවැරදිය, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයකි විවාහය. තමන්ගේ කාමාශාව සංසිදුවා ගැනීමට හොඳම පිළිගත් නීතිමය ක්‍රියාදාමය නම් විවාහයයි. 

සියලුම ධර්මයන් මෙන්ම ඉස්ලාම් ධර්මයද ඉතා අලංකාර විවාහ ක්‍රමයක් පෙන්වාදී තිබේ. 

තමන්ගේ දු දරුවන් නිසිවයසට පැමිණෙත්ම ඔවුන් විවාහ කර දෙන්න යනුවෙන් ඉස්ලාම් පවසයි. ඒ වගේම විවාහය වූ කලී ආගමික වතාවන්ගෙන් හරි අඩක්ම ඉෂ්ට කලා හා සමානවේ යන්න ඉස්ලායේ මුලික ඉගෙන්වීමයි. 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions