Wednesday, February 20, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): "බොදු බල සේනා" සහ එජාප මුස්‌ලිම් මන්ත්‍රීවරු අතර සාකච්ඡා

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
"බොදු බල සේනා" සහ එජාප මුස්‌ලිම් මන්ත්‍රීවරු අතර සාකච්ඡා
Feb 21st 2013, 06:10

      "බොදු බල සේනා" සහ එජාප මුස්‌ලිම් මන්ත්‍රීවරු අතර සාකච්ඡා
තමාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන බව රනිල් කියයි


බොදු බල සේනා සංවිධානය හා එක්‌සත් ජාතික පක්‍ෂයේ මුස්‌ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා තමාගේ මෙහෙයවීමෙන් දැන් ආරම්භ කර ඇති අතර ඒ සාකච්ඡා මාර්ගයෙන් දුරාවබෝධයන් දුරුකොට මතුව ඇති ගැටලු විස¹ ගැනීමටත් ජාතීන් අතර සංහිඳියාවක්‌ හා සමගියක්‌ ඇති කර ගැනීමටත් හැකිවනු ඇති බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වික්‍රමසිංහ මහතා ඒ අදහස්‌ පළ කළේ පසුගියදා යාපනය මුවර් වීදියේ පිහිටි මොහිදින් ජුම්මා මස්‌ජිඩ් දේවස්‌ථානයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.

සිය යාපනය සංචාරය අතරතුර දේවස්‌ථානයට පැමිණ මුස්‌ලිම්වරුන් මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම ගැන මෙහිදී දේවස්‌ථාන භාරකාර මණ්‌ඩලය විපක්‍ෂ නායකවරයා වෙත සිය කෘතඥතාව පළ කර සිටියහ.

මෙහිදී රැස්‌ව සිටි විශාල පිරිස අමතමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

"සාමාන්‍යයෙන් මුස්‌ලිම් ජනතාව සෑම දිනෙකම පෙරවරුවේ කුණුත් නමැති යාඥව කරනවා. නමුත් දැන් අද දවසකට එක්‌ වතාවක්‌ නොව, පස්‌ වතාවක්‌ම "කුණුත්" යාඥව කරන්නට ඔවුන්ට සිද්ධ වෙලා. අභාග්‍ය සම්පන්න හා අනතුරුදායී කාලවලයි මේ ආකාරයට වැඩිවැඩියෙන් "කුණුත්" යාඥව කරන්නේ. මේ ආණ්‌ඩුව යටතේ මුස්‌ලිම් ජනතාවට උදාවී ඇති තත්ත්වය එයයි. ඔවුනට වෙන කිරීමට දෙයක්‌ ඉතිරි වී නැහැ.

මුස්‌ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ ඔවුන්ගේ උද්ඝෝෂණවලට ආණ්‌ඩුව විසඳුම් ලබාදුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දී මම ඉදිරිපත් කළ ප්‍රශ්නයට ආණ්‌ඩුව ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේ නැහැ. අප ඒ පිළිබඳව වැඩිදුර විභාග කළ යුතු අතර ඒ සඳහා එම කරුණු මා නැවත ආණ්‌ඩුවට ඉදිරිපත් කරනවා. ආණ්‌ඩුව ලබාදුන් පිළිතුරු කතාවේ සඳහන් ඇතැම් කරුණු වැරදි බැවින් ඒ පිළිබඳව මා නැවත පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා.

ආණ්‌ඩුව නීතියේ රැකවරණය මුස්‌ලිම් ජනතාවට ලබාදුන්නේ නැහැ. ඒ හේතුවෙන් එය විසඳීම සඳහා අපට ක්‍රියාකිරීමට සිදුවුණා. කබීර් හෂීම් මන්ත්‍රීතුමා ඇතුළු අපේ මන්ත්‍රීවරු පිරිසක්‌ මා කැඳවූවා. බොදුබල සේනා සංවිධානයද කැඳවූවා. අපි එසේ කළේ සාකච්ඡා කර විසඳුමක්‌ ලබා ගැනීම සඳහායි.

ඒ අනුව කබීර් හෂීම් මන්ත්‍රීතුමා ඇතුළු කණ්‌ඩායම සහ බොදුබල සේනා සංවිධානය සාකච්ඡා ආරම්භ කළා. එය හොඳ කටයුත්තක්‌. දැන් ඒ සාකච්ඡාවන් සාර්ථක අන්දමින් ඉදිරියට යනවා. තවත් අය සම්බන්ධ කර ගෙන මේ කටයුත්ත ඉදිරියට ගෙන යා යුතුයි. මුස්‌ලිම් ඇමැතිවරුද මේ සාකච්ඡා සඳහා සහභාගි කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ අදහස මා ඉහළින් අනුමත කළා.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment