Wednesday, February 20, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): යටියන්තොට විදුහල්පතිවරයෙකු මුස්ලිම් දැරියකගේ මුලික අයිතිවාසිකම් කඩ කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
යටියන්තොට විදුහල්පතිවරයෙකු මුස්ලිම් දැරියකගේ මුලික අයිතිවාසිකම් කඩ කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
Feb 20th 2013, 12:39


වයස අවුරුදු දොලොහක මුස්ලිම් පාසැල් දැරිවියකගේ (ශිෂ්‍යාවකගේ) මුලික අයිතිවාසිකම් පෙත්සමක් (FR No. 688/2012) විභාගයට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම දැරිවියට තමන්ගේ සම්ප්‍රදායික සුදු ගවුම, සුදු දිගු කලිසම හා උතුරු සළුව (සාටකය) ඇඳ පාසැලේ අධ්‍යාපනය හැදෑරීමට ඇතුල් වීම තහනම් කිරීමෙන් යටියන්තොට ප්‍රදේශයේ විදුහලක විදිහල් පති වරයෙකු විසින් ඇයගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි 2012-02-19 දින තීන්දු කරණ ලදී.  
  
පෙත්සම්කාර ෆාතිමා සාබිරා ශියාම් ශිෂ්‍යාවට යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ විදුහල්පති විසින් ශිෂ්‍යාවන් සඳහාවූ සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම පැළඳ පාසැලට ඇතුලත් වීම තහනම් කර ඇත්තේ පාසැලේ 'බෞද්ධ' අනන්‍යතාවය සමග ගැටීමක් ඇති බව පවසමිනි.  

පෙත්සම් කාර ශිෂ්‍යාව වෙනුවෙන් පෙනී සිටි හිජාස්‌ හිස්බුල්ලා නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් 1980 දෙසැම්බර් 12 වැනි දින නිකුත් කරණ ලද චක්‍රලේඛනයක් අනුව මුස්ලිම් ශිෂ්‍යාවන්ට සුදු ගවුම, සුදු දිගු කලිසම හා උතුරු සළුවක් සහිතව පාසැලට ඇතුලත් වී අධ්‍යාපනය ලබන්නට අනුමැතියක් ලබා දී ඇති බවය. විදුහල්පති වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් බිම්බා ජයසිංහ පෙනීසිටි අතර වගඋත්තර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ හා රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණය අමතමින් වගඋත්තර කරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව පිළිබඳව බලවත් අවධානය යොමු කොට ඇති අතර මේ පිළිබඳව වගඋත්තර කරුට  දැඩි ලෙස අවවාද කොට තිබෙන බවත් මින් ඉදිරියට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී ජන රජයේ ව්‍යවස්ථා වේ 12(2) හා  14 (1) e යන ඡේද මගින් සහතික කොට ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන බවට සහතිකයක් ලබා දෙන බවද දන්වා සිටියේය.  12(2) ඡේදය අනුව කිසිවෙකුට තම දහම හේතුවෙන් කිසිම අසාධාරණ කමක් නොකළ යුතු බවත්, 14 (1) e යන ඡේදය මගින් සැමට ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ  තන්හි තම දහම විදහා දැක්වීමේ අයිතිය සහතික කොට ඇත.  

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයේ නීතිඥ වරයාට, අධ්‍යාපන අමාත්‍යංශය  මගින් මුස්ලිම් ශිෂ්‍යාවන්ට තම සම්ප්‍රදායික ඇඳුමින් සැරසී පාසැල් අධ්‍යාපනය ලැබීමට අයිතිය ලබා දී ඇති 1980 දෙසැම්බර් 12 වැනි දිනැති චක්‍රලේඛනය පිළිබඳව නිසි ප්‍රසිද්ධියක් ලබා දෙන ලෙස උපදෙස් ලබා දෙන ලදී. තවද අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී වරයාට පෙත්සම්කාර ශිෂ්‍යාවගේ පියා ගෙන් තමන්ගේ හා පෙත්සම් කාරියගේ ආරක්ෂාව පිළිබඳව කටඋත්තරයක් සටහන් කර ගන්නා ලෙසත් දන්වා සිටින ලදී. රජයේ නීතිඥ අධිකරණයට දන්වා සිටියේ පෙත්සම් කාර ශිෂ්‍යාව කැමැති නම් මෙම පාසැලට නැවත ඇතුලත්වී අධ්‍යාපනය ලැබීමට ඇයට සියළු නිදහස ඇති බවය. පළමුවැනි වගඋත්තරකරු අධිකරණයට ලබා දෙන ලද පොරොන්දු කඩ කලේ නම් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ඔහුට එරෙහිව ඉතා දැඩි ලෙස ක්‍රියා කරන්නට සිදුවන බව විනිශ්චයකාර මඬුල්ල විසින් දන්වා සිටින ලදී.         

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මඬුල්ලට විනිශ්චය කාර ශිරානි තිලකවර්ධන, එස්. අයි. ඉමාම්, සහ ඊවා වනසුන්දර යන අය ඇතුලත් විය. 
http://www.anvermanatunga.com/2013/02/20/muslim-pasal-dariange-wasthraya/#more-3343 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment