
රනිල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
2013 පෙබරවාරි 07 12:01 a.m
හලාල් යනු රටේ නීතියක් නොවන නිසා ප්‍රමිති සහතිකයක් දීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් නොකර පෞද්ගලික ආයතනයකට දී තිබෙන්නේ මන්දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ආණ්ඩුවෙන්
විමසා සිටියේය.හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පැටවිය නොහැකි බවත් එය ස්වේච්ඡාවෙන් තීරණය කළ යුතු කරුණක් බවත් විපක්ෂ නායකවරයා කීවේය. රටේ නීතිය කඩ කිරීමට බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි කිසිදු ආගමිකයකුට නොහැකි බවද පෙන්වා දුන්නේය. ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකරයා මේ බව සඳහන් කළේය. හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රටේ ගැටලුවක් මතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.හලාල් සහතිකය කිසිවෙකු විසින් බලයෙන් පටවන්නේ නම් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් රජය විසින් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පෞද්ගලික සංවිධානයකට හලාල් සහතිකය නිකුත් කිරීමට ආණ්ඩුව ඉඩදී තිබෙන්නේ මන්දැයි විමසා සිටියේය.
මෙවැනි සහතිකයක් නිකුත් කළ යුත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා බවද විපක්ෂ නායකවරයා පැවසීය. පසුගියදා මුස්ලිම් නායකයින් තමා හමුවූ බවත් සියලු පාර්ශ්වවලට සාධාරණයක් ඉටු වන ලෙස මෙය විසඳා ගැනීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මුස්ලිම් නායකයින් සහ මුස්ලිම් ප්‍රජාව සමග සාකච්ඡා කර මෙම තත්ත්වය විසඳා ගැනීමට රජය අසමත් වන්නේ මන්දැයිද ඔහු විමසා සිටියේය. ජමයිතුල් උලමා සංවිධානයට හලාල් සහතිකය නිකුත් කිරිමේ බලයක් පනතේ කිසිදු තැනක නැතැයිද පැවසු විපක්ෂ නායකවරයා ඔවුන්ගේ වබේ අඩවිය නිරීක්ෂණය කිරීමෙන්ද ඒ බව පැහැදිලි වන්නේයැයිද පැවසීය.
නීති විද්‍යාල ප්‍රවේශයේද සැක සංකා මතුව ඇතැයිද එහිදී වරදක් වූ බවට තියෙන මතය හේතුවෙන් මේ පිළිබඳව රජය පරීක්ෂණයක් කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
අද රටෙ නිර්මාණය වෙමින් පවතින්නේ අන්තවාදි හා ආගම්වාදි බලවේගයන්ට හිස එසවීමට ඉඩකඩ සලස්වන පරිසරයක් බවත් ආණ්ඩුවේ යම් යම් කොටස් මෙවැනි බලවේග සමග සමීපව හා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එවැනි ප්රචණ්ඩකාර සිදුවීම් කිසිවක් නැතැයි පසුගිය 21 දා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී කුලියාපිටිය නගරයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වූ බවද වික්‍රමසිංහ මහතා කීය.
මෙම ප්‍රහායට ආණ්ඩු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවන්, ආණ්ඩුවේ නිල වාහන භාවිතා කරන පුද්ගලයින් සිටි බව ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ යැයිද හෙතෙම පැවසීය. සියලු ජනවර්ගයා අතර සංහිඳියාව, සහජීවනය සහ විශ්වාසය තහවුරු කිරීමේ උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ නිරිදේශ දැනටමත් ආණ්ඩුව සතුව පවතින්නේයැයිද ඔහු කීවේය.
එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළ මෙම අර්බුද මෙන්ම රටට බලපාන තවත් ප්‍රශ්න ගණනාවක් විසඳා ගැනීමට අවකාශය සැලසෙන බවත් කල් මැරීමේ උපාය මාර්ගයක් ලෙස තේරිම් කාරක සභාවක් පත් කරන්නේ නම් එමගින් සිද්ධ වන්නේ රට තව තවත් අනතුරුදායක තත්ත්වයට පත්වීම බවද කීය.
විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (07) දිනයේ ආණ්ඩුවේ පිළිතුර දෙන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ලසන්ත වීරකුලසූරිය,රමේෂ් වරල්ලෙගම
No comments:
Post a Comment