Monday, February 25, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!
Feb 25th 2013, 11:59


සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ (ACJU) අවධානය මෑතකදී සංගමය විසින් පවත්වාගෙන යනු ලබන හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන රටතුල විවිධ ජාතීන් හා ආගම් අතර මතබේධයන් ඇති කොට ජාතීන් අතර සාමය සහ සහජීවනයට ඇති වී ඇති අවධානම් හා තර්ජනාත්මක අභියෝගය කෙරෙහි යොමුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීම කාලෝචිත වන බවට සංගමය තීරණය කර ඇත.

හලාල් යනු අරාබි භාෂාවෙන් නීත්‍යානුකූල යන අදහස ගෙනදෙන අතර ඒ අනුව මුස්ලිම් වරයෙකු විශේෂයෙන්ම සිය ආහාර අනුභව කිරීමේදී අවසර ලබාදී ඇති ආහාර වර්ග සහ එකී ආහාර වර්ග වල අන්තර්ගතය පරික්ෂාකර බලා මුස්ලිම් වරුන්ගේ පහසුව පිණිස සහ ඔවුන් වෙනුවෙන් පමණක් සඳහා අදාල භාන්ඩ සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ පරමාර්ථයෙන් එම ක්‍රමය හඳුන්වා දුන් අතර එමගින් ඕනෑම ආයතනයක භාන්ඩයක් එකී ආයතනයේ අයිතිය පිළිබඳව කිසිදු චකිතයකින් තොරව මිලදී ගැනීම සඳහා මුස්ලිම් වරුන්ට ක්‍රමවේදයක් හඳුන්වාදී තිබුණි.

එම ක්‍රමවේදයේ සරල භාවය හා අය කරනු ලබන මිල ගණන් වල අතිශයා සාධාරණ බව හේතුකොටගෙන සහ එම සුළුකොට තැකිය හැකි වියදම හා එය අවසාන මිල කෙරෙහි ඇති කරනු ලබන අවම බලපෑම හේතුකොටගෙන ලංකාවේ මුස්ලිම්වරුන්ට සහ අපනයනය සඳහා අදාල භාන්ඩ නිපදවන විවිධ ආයතන සංගමයේ කිසිදු ප්‍රවර්ධනයකින් තොරව ස්වේච්ඡාවෙන් අදාල ක්‍රමවේදයට අනුව භාන්ඩ වෙලඳපොලට නිකුත් කොට ඇත.

අවාසනාවකට මෙන් මෑතක සිට අදාල හලාල් සහතික කරන ක්‍රමවේදය පදනම් විරහිත ලෙස නිර්ධය විවේචනයට ලක්වී ඇති අතර එය උපයෝගී කොටගෙන ශතවර්ෂ 10 කටත් වඩා අධික කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් දිවි ගෙවන ලද මුස්ලිම් සහ සහෝදර සිංහල බෞද්ධ ජනතාව අතර විශේෂයෙන්ම සැකය සහ සාංකාව උපදවා ඔවුන් විරසක කොට අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්නයක් කරා රට යොමු කිරීමේ භයානක අනතුරක සේයාව දැනට මතුවී ඇත.

අප සංගමය විශේෂයෙන් අවධාරණය කර සිටින්නේ අපගේ හලාල් සහතික කරන ක්‍රියාදාමය ලාභ ඉපයීමේ පරමාර්ථයකින් තොරව හුදෙක් සේවාවක් සැපයීමේ එකම අරමුණකින් ආරම්භකොට පවත්වාගෙන යන සේවාවකි. මෙහි ගිණුම් ඇතුළු ක්‍රියාදාමයන් ඉතාම විනිවිද පෙනෙන ආකාරයට පවත්වාගෙන යන බවත් එකී සියළුම ගිණුම් සහ ක්‍රමවේදයන් රජයට සහ රජයේ බලයලත් ඕනෑම ආයනයකට නිරාවරණය කර මේ සඳහා අප සංගමය නොපැකිලව අවසර දීමට සැමවිට සුදානම්ව සිටින්නෙමු.

ඉහත අවස්ථානුගත තත්වයක් යටතේ රටේ උද්ගතව ඇති නොසන්සුන්තාව හා අසහනකාරී වාතාවරණය සමතයකට පත් කරගැනීමේ අදහසින් සහ ජාතීන් අතර සාමය සහ සමගිය ආරක්ෂා කරගැනීමේ අධිඨනින් අප සංගමය මුස්ලිම් ජාතිකයන් අතරවු විද්වතුන් සමග, අනෙකුත් සහෝදර ආගමික නායකයන් සමග, දේශපාලන නායකයන් මෙන්ම, රජයේ සහ ආරක්ෂක අංශ වල ඉහල නිලධාරීන් සමග සාකච්ඡා වට රාශියක් පවත්වන ලදී.

පෙරකී සාකච්ඡා මාලාවේ ඉතා වැදගත් සාකච්ඡාවක්  පසුගිය 2013 පෙබරවාරි 13 වන දින ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අප සභාපති අශ්-ෂේක් රිස්වි මුෆ්ති මැතිතුමාගේ නායකත්වය යටතේ මුස්ලිම් සමාජයේ ආගමික නායකයන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සමග පවත්වන ලද අතර එහිදී දැනට මතුවී ඇති අසහනකාරී වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

එකී සාකච්ඡා වලදී හලාල් සහතික කරණය හේතුකොටගෙන මේ මතුවී ඇති මතබේධ සහ අර්බුධය පිළිබඳව කරුණ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර එහිදී මෙරට ජීවත් වන සියළුම ආගම් හා ජාතීන්ට අයත් සෑම ජනකොටසකටම සමාන අයිතිවාසිකමක් ඇතිව සිය ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කොටගෙන ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂක ලේකම් තුමන් විසින් දැඩිව අවධාරණය කරන ලදී.

මේ වන විට මතුවී ඇති අසහනකාරී තත්වය සමතයකට පත්කිරීම සඳහා කැබිනට් මන්ඩලය විසින් පත්කර ඇති විශේෂ තේරීම් කාරක සභාව, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අප සංගමයට ආරාධනා කොට ඇත.

කරුණු එසේ හෙයින් හා පෙරකී සාකච්ඡාවන් වල ප්‍රථිඵලයක් ලෙස රටේ සාමය සහ සමගිය ආරක්ෂා කරගැනීම සඳහාද, ජාතීන් අතර අනවශ්‍ය හා අනර්ථකාරී බේධයක් ඇති කිරීමට හලාල් සහතික කරණ ක්‍රමවේදය මෙරට ජීවත් වන මුස්ලිම් ජනයාට පමණක් වෙන්වු ක්‍රියාදාමයක් බවට යළිත් අවධාරණය කර සිටී.

ඒ අනුව අප සංගමය, අපගේ හලාල් සහතිකය ලත් සියළුම ආයතන වලින් ඉල්ලා සිටින්නේ අදාල හලාල් සහතික කරන ක්‍රියාදාමය මුස්ලිම් වරුන්ට පමණක් විකිණීම සඳහා අර්පනය කරන කරන භාන්ඩ වලට සීමාකොට තබන ලෙසත් එය ඉස්ලාම් නොවන අන්‍යාගමිකයන්ට විකිණීම සඳහා අර්පනය කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

මව්බිමේ සාමය, සමගිය, සෞභාග්‍ය සහ සියළු ජාතීන් අතර සහජීවනය ප්‍රාර්ථනා කරන, වගකීමක් සහිත ආයතනයක් ලෙස අප සංගමය මෙම තීරණය රටේ උන්නතිය සඳහා ගන්නා බවට විශේෂයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.



හලාල් සහතිකකරණ අංශය
සමස්ථ ලංකා ජමියතුල් උලමා

සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය  නිවේදනය!
සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment