Monday, February 18, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): තමාහට තමාගේම පිහිටයි - දිවයින පුවත්පත

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
තමාහට තමාගේම පිහිටයි - දිවයින පුවත්පත
Feb 19th 2013, 05:56




තමාහට තමාගේම පිහිටයි


"අත්තාහි අත්තනෝ නාථෝ
කෝහි නාථෝ පරෝසියා
අත්තනාව සුදන්තේන
තාථං ලභති දුල්ලභං..."

මේ ධම්මපදයේ ආත්ම වර්ගයේ එන ගාථාවකි. කුමක්‌ද එහි අරුත...? එහි අරුත ඉතා සරලව විස්‌තර කළහොත් මෙබඳුය. තමාහට තමාම පිහිට වන්නේය. (පිහිට කොටගත යුතුය) අන්‍ය වූ කවරෙක්‌ නම් තමාහට පිහිට වන්නේද...? ඉන්ද්‍රිය දමනයෙන් මනාකොට දැමුණා වූ තමා විසින්ම පරම දුර්ලභ වූ අර්හත් ඵලයයි කියන ප්‍රතිෂ්ඨාව ලබන්නේය.

එය නම් සැබෑවක්‌මය. ලොව ඇති තතු සියල්ල තම නුවණින්ම අවබෝධ කොටගත්තා වූ ලොව්තුරු බුදු හිමියන් දෙසූ දහම මුසාවක්‌ වන්නේ කෙළෙසකද...? අපි 2600 වැනි

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවේද මේ ඊයේ පෙරේදාය. බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්ව දැන් වසර 2600 ක්‌ ගෙවීගොස්‌ හමාරය. සැබැවින්ම බුද්ධත්වය ලැබීම යනු ලෙහෙසි පහසු කටයුත්තක්‌ද..? කොහෙත්ම නැත. එය වනාහී විසල් අභියෝගයකි. සැබවින්ම එය නම් ආශ්චර්යයකි. ඉදින් එහෙව් ආශ්චර්යයක්‌ පෑ උත්තමයකුගේ ගුණානුස්‌මරණය කිරීමට ඉඩ හසරක්‌ ලැබීමත් අපි කවුරු කවුරුත් ලැබුවා වූ භාග්‍යයක්‌ මැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ පමණක්‌ම වේවිද?

සිදුහත් තවුසාණෝ වරෙක "කාමසුඛල්ලිකානු යෝගය" තම ජීවිතය හා බද්ධ කර ගනිමින් සත්‍යය සොයා ගැනීමට වෙර දැරූහ. ඉනික්‌බිති සිරුරට දැඩි සේ දුක ලබාදෙමින් නොඑසේ නම්, "අත්තකිලමථානු යෝගය" අනුගමනය කරමින්ද සත්‍යය සොයා ගැනීමට වෙහෙසුණහ. එහෙත් ඵලක්‌ නොවිණි. සියල්ල අවසන "මැදුම් පිළිවෙත" හෙවත් "මධ්‍යම ප්‍රතිපදාව" අනුගමනය කොට සත්‍යය අවබෝධ කොටගත් උන්වහන්සේ අන් අයටද ලෝ සසරින් එතෙර වීමේ මඟ පෙන්වා දුන්හ. සැබැවින්ම මේ වනාහී අනෙකක්‌ නොව තමාහට තමාම පිහිට වන්නේය යන්න මනාකොට පෙන්වා දුන් අවස්‌ථාවක්‌ම නොවන්නේද? ලොව්තුරු බුදු සිරිත වනාහී එබඳු ශේ්‍රෂ්ඨ ආදර්ශයන් ගෙන් පිරීතිරී ගොස්‌ ඇති එකක්‌ මැයි කීමට මොහොතකට මුත් ලතැවීමද ඵල රහිත එකක්‌මැයි නිබඳවම මට සිතෙන්නේය.

"උට්‌ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්‌ස නිසම්මකාරිනෝ...
සඤ්ඤතස්‌සච ධම්මජීවිනෝ...
අප්පමත්තස්‌ස යසෝභිවඩ්ඩති..."

යමෙකු උත්සාහයෙන් සේම සිහියෙන්ද යුක්‌තව සංයමයෙන් කටයුතු කරයි නම් එසේම ධර්මානුකූලව ජීවත් වෙමින් අප්‍රමාදීවද කටයුතු කරයි නම් ඔහුගේ කීර්තිය නිරතුරුවම වැඩෙන්නේය යන්නය මෙම ගාථාවේ අරුතයි.

සැබැවින්ම බුදුදහම සනාතන ලෝ දහමකි. එහි උට්‌ඨාන වීර්යයට හිමිව ඇත්තේ ප්‍රමුඛස්‌ථානයකි. බුදුදහම කොතැනදීවත් දියුණුව ප්‍රතික්‌ෂේප කොට තිබේද? කොහෙත්ම නැත. සත්‍ය වශයෙන්ම උත්සහවන්තයා සියල්ලම ජය ගන්නේය. තම උත්සාහවන්ත භාවය තුළින් දිවිය ජයගත්තවුන් කොතෙක්‌ නම් අප අතර වේද...? ඔවුනගේ දියුණුවේ රහස අනෙකක්‌ නොව අනුන් දෙන තුරු බලා නොසිටීමයි. ධර්මයෙහි හැසිරෙමින් තම දෑතේ දෙපයේ සවියෙන් යමක්‌ කමක්‌ උපයා සපයා ගැනීමයි. ඇත්තෙන්ම එවන් මිනිසුන් නම් මනුසත්බවට නව අරුතක්‌ එක්‌ කරන්නෝමය. ජීවත් වනවාට ජීවත් වන්නවුන් නොව ජීවත් වීමේ හරය අවබෝධ කරගෙන ජීවත් වන්නවුන්මය. එහෙත් එවන් මිනිසුන් කොතෙකුත් නම් සිටින සමාජයක වුවද ජීවත් වන ඇතමුන්ගෙන් අපට විමසීමට සිදුව ඇත්තේ මෙපමණකි. කුමක්‌ද ඒ....

"මඟ හොඳට තිබේ නම්
දෑසත් හොඳට පෙනේ නම්
කිම බැඳිවල යන්නේ
මංමුළා වූවන් සේ..."

ඇයි අපි එලෙසින් විමසන්නේ...? ඔවුන් තුළ උට්‌ඨාන වීර්යයක්‌ නැත. ඔවුන් උප්පත්තියෙන්ම කම්මැළිය. දෑතේ දෙපයේ වීරියෙන් යමක්‌ කෙරුමට රුචිත් නැත. ඔවුහු සියල්ල තම දෛවයට භාර කරති. නොඑසේ නම් කරුමයටද භාර කරති. නොපෙනෙන දෙවියන් පසුපස ගොස්‌ ඇති සොච්චමද නැති කරගනී. යක්‍ෂයන්ට... ප්‍රේතයන්ට.... පිසාචයන්ට මතු නොව කුම්භාණ්‌ඩයන්ටද බියවී නා නා උගුල්වලට හසුවී සියල්ල අවසන මුදල් මතු නොව ආත්මයද වනසා දමාගෙන හූල්ල හූල්ලා සිටිති.

මඳකට නවතිනු මැන..· දේව ඇදහිල්ල යනු අපේ සංස්‌කෘතිය හා බැඳී පවතින ඉපැරැණි චාරිත්‍රාංගයකි. ඉපැරැණි දේවාල මතු නොව දේව පෙරහැරවල්ද අදටත් ඈත එපිට ගම් දනව්වල සුරක්‌ෂිතව පවතින්නේ අපේ සංස්‌කෘතියේම අංගයෝ විලසිනි. එසේ නම් අපි කෙලෙසක නම් දේව ඇදහිල්ල අනවශ්‍ය එකකැයි කියා බැහැර කරලමුද? සැබැවින්ම එය කළ නොහැක්‌කකි. එය අපේ සංස්‌කෘතිය හා අත්‍යන්තයෙන්ම බැඳී තිබෙන්නා වූ අංගයකි. එහෙත් අද...? හන්දියක්‌ හන්දියක්‌ ගානේ පිළිකන්නක්‌ පිළිකන්නක්‌ ගානේ මතු නොව ගෙදරක්‌ ගෙදරක්‌ ගානේ දේව මන්දීරය. දේව ඇදහිල්ල අපේ සංස්‌කෘතිය හා බැඳී ඇති අත්‍යන්ත අංගයක්‌ වූවා යෑයි කියා අපි මේවාටද එලෙසින්ම වශීකෘත විය යුතුව ඇත්තෙමුද...? කොහෙත්ම නැත. සැබවින්ම මේවා හොඳ යෑපීම් මාර්ගම හැර වෙන යමක්‌ නොවන බව දන්නේ උනුන්ම හැර අන් කවුරුන්ද...?

අපි දෙවියන් ළඟට යන්නේ ඇයි...? යන්නේ අනෙකක්‌ සඳහා නොව අපේ දුක කියන්නටය. අපේ දුක කියා කිසියම් වූ පිහිටක්‌ ලැබගන්නටය. එහෙත් දෙවි වෙස්‌ ගත් ඇතැම් "හොර දෙවිවරු" ළඟට ගිය කලී ඇත්තෙන්ම බොහෝමයක්‌ දෙනාට සිදු වන්නේ කුමක්‌ද..? සිදු වන්නේ අනෙකක්‌ නොව කබලෙන් ළිපටම ඇද වැටීමටය. ගතවන සෑම ඇසිල්ලකදීම ජීවිතය විඳව විඳවාම සිටීමට සිදුවන වටාපිටාවක්‌ කාටත් හොරා නිර්මාණය වීමය. මවගේ, පියාගේ, සොයුරාගේ නැතහොත් සොයුරියගේ අසනීපයකට ප්‍රතිකාරයක්‌ අසා දැනගනු රිසින් දෙවොලකට ගොඩවන තැනැත්තියක්‌ව දෙවොල ඇතුළට කැඳවාගෙන ගොස්‌ උපකාර කරන මුවාවෙන් අතවර කරන කව්වන් තුළ දෙවිවරු තබා මිනිසුන්වත් සිටිතියි විශ්වාස කරන්නේ කෙලෙසකද? සැබැවින්ම ඔවුන් විසින් මෙලෙසින් සිදු කරනු ලබන්නේ අනෙකක්‌ නොව පණ පිටින්ම නිරයට යැමට තරම් වන්නා වූ පාප කර්මයක්‌ම නොවන්නේද?

දේවාලේ කපුවාගේ පුතා දේවාලය තුළ වසුරු හෙළුEවත්, එහි වරදක්‌ හෝ දුගඳක්‌ හෝ නැතැයි යනුවෙන් ඇතැම්හු පවසති. එහෙත් අපි එය ඇත්තක්‌ ලෙස පිළිගත යුතුද? නැත. අප ඒවා ඇත්ත ලෙස පිළිගැනීමට තරම් අඳබාලයන් විය යුත්තේම නැත. කවරෙකු හෝ වේවා අනුන්ට පිහිටවීමට ඉදිරිපත් වන්නේ නම් එකී තැනැත්තා තුළ විසල් අධ්‍යාත්මික ශක්‌තියක්‌ තිබිය යුතුමය. එහෙත් අධ්‍යාත්මික ශක්‌තිය කෙසේවතුදු තම සිතවත් හරියාකාර ලෙස පාලනය කරගත නොහැකි මෙවන් තිරිසනුන් ළඟ දෙවියන් කෙසේවතුදු යක්‌ෂයන් පිසාචයන් සේම කුම්භාණ්‌ඩයන්ද අඩු නැතිව සිටින බව නම් සක්‌සුදක්‌ සේම පැහැදිලිය. මිනිසුනි...· මෙබඳු කුපාඩිකම්වලට හසුවූ කී දෙනෙක්‌ නම් අද වන විට ලොවට හොරෙන් අහුමුළුවලට වී දුක්‌ විඳිනවා ඇත්ද,..? මානසිකව ඇද වැටී මුළු දිවියම විඳවන්නා වූ එවැන්නවුන්ගේ අසරණකම්වලට වගකියන්නට මෙහෙව් කාඩ්බෝඩ් දෙවිවරුන්ට හැකිද යන්න පමණක්‌ අපි එකහෙළාම විමසීමට කැමැත්තෙමු.

මේ සොබාදහම කිසි විටෙකත් ඒකාකාරී ලෙස නොපවතින්නේය. එය නිරන්තරයෙන්ම වෙනස්‌ වන්නා වූ දෙයකි. විටෙක පොළොව හත්කඩකට පැලී යයිදෝ කියා සිතෙන තරමට පායයි. තවත් විටෙකදී කඳු සියල්aලම බිමට පහත්වී සමතලා වී යයිදෝ කියා සිතෙන තරමටම වැසි වසින්නට පටන් ගන්නේය. එහෙත් ඒවාද තමන්ට විරුද්ධවාදීකම් කළ හෙයින්ම (බොරුව හෙළිදරව්කිරීම) ලෝකයාට දෙවියන්ගෙන් ලැබී ඇති දඬුවමක්‌ යෑයි කියමින් ජනතාව බය ගන්වාලනු වස්‌ පුවත්පත්වල දැන්වීම් පළකළ දෙවි වෙස්‌ගත් අයකු පසුගිය කාලයේ මහ ඉහළින් පම්පෝරි ගැසුවා ඔබට මතකද? ඔහු පවසන පරිද්දෙන් ඒකා භද්‍රකාලී දෙවියන්ගේ බලයෙන් හාස්‌කම් පානා එකෙකි. මිනිසුනි.... මඳකට සිතා බලනු මැන..· මීටත් වඩා ඇන්දවිල්ලක්‌ මෙදියත මත තවත් තිබිය හැකි වේද...? යහපත් කල් ක්‍රියාවෙන් වෙසෙන එකෙක්‌ මෙලෙස කීවා නම් අපට ඇත්තෙන්ම ප්‍රශ්නයක්‌ නැත. එහෙත් මෙවන් අපතයන් කියන ප්‍රොaඩාකාරී වදන්වලට අපි මුළා නොවිය යුතු යෑයි කියන්නේ අනෙකක්‌ නිසා නොව දෙවියන්ගේ බලයෙන් හාස්‌කම් කරන්නට මත්තෙන් අඩුම තරමින් ඒකා තමන්ගේ අම්මාට... අප්පාටවත් සලකන අයෙකු යෑයි අපි තරයේම අදහන හෙයිනි.

ලැඡ්ජාවෙන් මුත් පැවසිය යුතු කරුණකි...· නඩුහබ ජය ගැනීමට, විභාග ජය ගැනීමට තරහකාරයන්ගෙන් පළිගැනීමට සේම තවත් නා නා අවශ්‍යතා ද ඉටු කරගනු රිසින් මිනිසුන් පළතුරු වට්‌ටි සේම පඬුරුද රැගෙන දෙවියන් ඉදිරියට යති. අතේ ඇති සබ්බ සකලමනාවම පුද කරති. දොහොත් මුදුන් දීගෙන වැඳ වැටී කරුණු කාරණා ඉටුකර දෙන්නැයි ආයාචනා කරති. දෙවිවරුන්ට මිනිසුන්ට පිහිටවීමේ හැකියාව තිබෙනවා වන්නට පුළුවන. එහෙත් දේවාලවල සිටින කපුවන් යෑයි කියා ගන්නා අයට ඔය කියන තරම් මහා ආශ්චර්යයක්‌ සිදුකළ හැකිද? අපට කීමට ඇත්තේ මෙපමණකි. ඔය කියන තරම් මහා බල පරාක්‍රමයක්‌ ඔවුන් සතුව ඇත්තේම නැත.

මේ අතර එපා අය ඈත් කරවීමට සේම ඕනෑ අය ගෙන්වා දීමටද විශේෂඥයෝ ලෙස ඇතැමෙක්‌ පෙනී සිටිති. පුවත්පත්වල පිටු පුරා දැන්වීම් දමාගෙන පුරසාරම් දොඩන මේ වංචාකාරයන්ගේ පුරසාරම්වලින් ඇත්තෙන්ම අපට ඇති ඵලය කිම...?

එහෙත් මේවා වනාහී අන් යමක්‌ නොව ජනතාව මුළා කරමින් වංචාවෙන් කපටිකමින් ජීවත් වන අයට තවදුරටත් එකී වසලකම් කරගෙන යැමට ඉඩහසර සලසාදීමක්‌ම නොවේද...? කම් නැත...· කම් නැත...·· එපාවුන් එපාමය. ඕනෑම නැත. ඒ අය ඉවත් කළ යුත්තේ අපේ ආධ්‍යාත්මයෙන්මය. ළංකර ගත යුත්තවුන් ළංකර ගත යුත්තේද එලෙසමය. තම රුචිය අනුවම සිදුවිය යුත්තකි.

අමිල දොලපිහිල්ල


දිවයින පුවත්පත

http://www.divaina.com/2013/02/19/feature04.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment