Sunday, May 5, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩු විරෝධීන්ට එරෙහිව

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩු විරෝධීන්ට එරෙහිව
May 5th 2013, 08:55

ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ලබන දකුණේ දේශපාලන පක්ෂ ක‍්‍රියාකාරීන් හා නායකයන් මර්දනය කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රෙගුලාසි හා දණ්ඩ නීති සංග‍්‍රහයේ රෙගුලාසි යොදා ගැනීම ආරම්භ කර ඇති අතර ඒ අනුව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා එම රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරන ලද දැනුම්දීමක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසාද් සාලි මහතා ඔහුගේ කොළොන්නාවේ පිහිටි නිවසේදී මැයි 02 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ලිපියක්ද සාලි මහතාට ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අත්අඩංගුවට ගැනීම ගැන කළ විමසීමකදී අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග‍්‍රහයට අනුවයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ප‍්‍රකාශ කළේය.

අසාද් සාලි මහතාට විරුද්ධව රාජ්‍ය විරෝධී ප‍්‍රකාශ කිරීම හා ආගම් භේද ඇති කිරීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දැනට ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවත් හේ පැවසීය. එම ප‍්‍රශ්න කිරීම් අවසානයේදී ඔහුට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ඇති බවද ඔහු පැවසීය.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ කිනම් චෝදනා යටතේද යන්න පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ අතර එම අත්අඩංගුවට ගැනීම ගැන වෙනත් මාධ්‍යවලටද නිසි තොරතුරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලබාදී තිබුණේ නැත. ජාතික හා ආගමික වශයෙන් අසමගිය ඇති කරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා දණ්ඩ නීති සංග‍්‍රහයේ පවතින ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවන බව පවසමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊට සංශෝධනයක් යෝජනා කර තිබූ අතර එයට හේතුවී තිබුණේ ජාතික හා ආගමික වශයෙන් අසමගිය ඇති කිරීම සඳහා විවිධ සංවිධාන විසින් කරනු ලැබූ ක‍්‍රියාකාරකම්ය.

විශේෂයෙන්ම සුළු ජාතීන්ට හා සුළු ආගමිකයන්ට එරෙහිව සිංහල බෞද්ධයැයි කියාගන්නා සංවිධාන විසින් කරන ලද ප‍්‍රකාශ හා ක‍්‍රියාවන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හා දණ්ඩ නීති සංග‍්‍රහයේ රෙගුලාසි ආණ්ඩුව හෝ පොලීසිය යොදා ගත්තේ නැත. අසාත් සාලි මහතා සන්නද්ධ සටන්කාමියෙකු නොවන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන දේශපාලනඥයෙකු බවත්,ඒ නිසාම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්න ටී එන් ඒ පා.ම. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප‍්‍රශ්න කරයි.

ඔහු තවදුරටත් දක්වන්නේ මෙය ආණ්ඩුවට විරුද්ධව හඬ නගන අයට එරෙහිව සිදුකරන ද්වේෂසහගත පළිගැනීමක් බවයි. අසාධාරණයට ලක්වූ මුස්ලිම් ජනයා වෙනුවෙන් හඬනැගීම හේතුවෙන් සාලි මහතාට එරෙහිව නීතියෙන් දඬුවම් දිය නොහැකි බව එජාප පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එමෙන්ම මේ සඳහා නීතිමය හැකියාවක් තිබෙනවාද යන්න ගැටලූවක් බවද ඔහු පැවසීය. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ජාතික සංවිධායක රෆික් රාජාබ්දීන් මහතා ප‍්‍රකාශ කරන්නේ අසාද් සාලි මහතා කර ඇත්තේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬ නැඟීම පමණක් බවත්, ඔහු ත‍්‍රස්තවාදියකු ලෙස දැක්වීම තමන් හෙළා දකින බවත් අසාද් සාලි මහතා වහාම නිදහස් කළයුතු බවත්ය.



ලසන්ත රුහුණගේ/ අමිල ප‍්‍රදීප්
උපුටා ගැනීම – රාවය

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment