Tuesday, May 7, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ත්‍රස්තවාදීන් රැකගෙන ආණ්ඩුව සිල් රකිනවාද? - තිස්ස අත්තනායක අසයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ත්‍රස්තවාදීන් රැකගෙන ආණ්ඩුව සිල් රකිනවාද? - තිස්ස අත්තනායක අසයි
May 7th 2013, 14:14

thissa256

රජිව් ගාන්ධී ඝාතනයේ ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු වන කේ.පී. ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිටින බවත් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් ආරක්ෂා කරමින් ආණ්ඩුව සිල් රකිනවාද යන්න ප්‍රශ්න කරන බවත්, අසාද් සාලි මිය ගියහොත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව භාරගත යුතු බවත් අසාද් සාලි කර ඇති රාජ්‍ය විරෝධී ප්‍රකාශය කුමක්දැයි හෙළි කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කරයි.
සාලි අත්අඩංගුවට ගැනීම ආසියානු මානව හිමිකම් කොමිසම විසින් ද හෙළාදැක ඇතැයි
 පැවසු මන්ත්‍රීවරයා ආණ්ඩුව සිදුකරන්නේ දේශපාලන පලි ගැනීමක් බවදපෙන්වාදුන්නේය. අසාද් සාලි ගැන පුවත් පළ කිරීමේ වාරණයක් කිරීමට යන බව ආරංචි වී ඇතැයිද ඔහුට එරෙහිව මුල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්නත් කොළඹදී අද (07) මාධ්‍ය හමුවක් පවත්වමින් තිස්ස අත්තනායක මහතා විමසා සිටියේය.
http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=9271:2013-05-07-10-33-01&catid=64:2012-09-10-14-02-45&Itemid=87

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment