Sunday, May 5, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අසාද් සාලි ට එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී – ලක්ෂ්මන් හුළුගල්ල

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
අසාද් සාලි ට එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී – ලක්ෂ්මන් හුළුගල්ල
May 5th 2013, 08:59


ලක්ෂ්මන් හුළුගල්ලකොළඹ හිටපු උප නගරාධිපතිවරයකු වූ අසාද් සාලි එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී හෙළිදරව් කරන බව ජාතික ආරකෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ කරයි.

ඔහුට එරෙහි චෝදනා ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් එසේ නැත්නම් නිදහස් කරන ලෙසටත් කැනේඩියානු රජය සහ ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටී.

උපවාසයක යෙදීමෙන් අනතුරුව, රෝහල් ගත කොට සිටින අසාද් සාලිට එරෙහිව කිසිදු චෝනාවක් ඉදිරිපත් කිරීමට නොහැකිව සිටින නිලධාරීන් අසරණ වී සිටින ආකාරයක් දකින්නට ඇති බවයි ඔහු නිදහස් කර ගැනීම පිණිස පෙළ ගැසී සිටින කණ්ඩායම් අතර සිටින නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශේෂ රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට බලධාරීන් උත්සාහයක් දරන බව පෙනී යන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කොට තිබුනේ ශ්‍රී ලංකා රජයට විරුද්ධව, ජනවාර්ගික ගැටළු ඇතිවන ආකාරයේ එදිරිවාදී ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.



බී.බී.සී. ඇසුරිණි

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment