- රනිල් මැති සබයේදී අසයි
කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ප්‍රතිවාදී දේශපාලනඥයන් හා ජනතා බලවේග මර්දනය සඳහා තවදුරටත් යොදා ගන්නේ දැයි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් විමසා සිටියේය.
ස්‌ථාවර නියාaග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්‌තවාදී වැඩ කටයුතු මර්දනය කරලීම සඳහා 1978 වසරේදී එල්.ටී.ටී.ඊ. සහ වෙනත් එවැනි සංවිධාන තහනම් කිරීමේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළා. නමුත් මේ පනතේ අඩුපාඩු ගණනාවක් තිබුණු බව පෙනී ගිය හෙයින් ඒ වෙනුවට 1979 වසරේදී ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සම්මත කෙරුණා. මෙහිදී අප පදනම් කරගත්තේ එක්‌සත් රාජධානියේ උතුරු අයර්ලන්ත ත්‍රස්‌තවාදය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කර තිබූ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතයි.
මේ පනත යටතේ උතුරේත්, දකුණේත් ත්‍රස්‌තවාදයට හා ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියා කළා. අත්අඩංගුවට ගැනීම් සිදුකළා.
දැන් උතුරේ යුද්ධය අවසානයි. ත්‍රස්‌තවාදය වළක්‌වා හමාරයි. එවන් පසුබිමක ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ක්‍රියාත්මක කරලීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ. ඒ නිසා මේ පනත අහෝසි කළ යුතුව තිබුණා. ඒ ගැන කෙරුණ විමසීම්වලදී මේ පාර්ලිමේන්තුවේදීම ආණ්‌ඩුව අවස්‌ථා කීපයකදීම ප්‍රකාශ කළේ ඔවුන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ක්‍රියාවට නංවන්නේ නැති බවයි.
ත්‍රස්‌තවාදී ක්‍රියාවන් වැළැක්‌වීම උදෙසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කලින් තිබූ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට වෙනත් පනතක් සම්මත කරගත්තා. දේශපාලන කාර්යයන් මර්දනය කිරීමට ඒ පනතේ වගන්ති යොදා ගැනීම එම පනත මගින්ම තහනම් කර තියෙනවා.
නමුත් දැන් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී දේශපාලන කණ්‌ඩායම් මර්දනය කිරීම සඳහා මේ පනත යොදා ගැනෙමින් පවතිනවා. අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ මේ පනත යටතේයි. ඔහු දේශපාලනඥයෙක්. ආණ්‌ඩු පක්‌ෂයේත්, විපක්‌ෂයේත් දේශපාලන කාර්යයන්ට සම්බන්ධ වී තියෙනවා. 2010 ජනාධිපතිවරණය අවස්‌ථාවේදී ඔහු එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්‌ෂ මහතාට සහය ලබා දුන්නා. සාලි මහතා සිය දේශපාලන ජීවිතය තුළ කිසි අවස්‌ථාවක ත්‍රස්‌තවාදී සංවිධානයකට සම්බන්ධව කටයුතු කර නැහැ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බව පැවසෙනවා. දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ කරනවා. වගකීම් සහිතව මෙන්ම වගකීම් රහිතවද ප්‍රකාශ කරන අවස්‌ථා අප දැක තියෙනවා. සාලි මහතා මේ ප්‍රකාශය කළේ ආණ්‌ඩුව මුස්‌ලිම් ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්න අවස්‌ථාවකයි. ආණ්‌ඩුවේ මුස්‌ලිම් නායකයන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටිනා අවස්‌ථාවකදීයි.
No comments:
Post a Comment