Thursday, May 2, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අද දින උදෑසන අසාත් සාලි මහතා අත්අඩංගුවට පත්වීම විමසුමක්!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අද දින උදෑසන අසාත් සාලි මහතා අත්අඩංගුවට පත්වීම විමසුමක්!
May 2nd 2013, 13:27

කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු සහ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලිසිය විසින් අද (2013 මැයි 02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එනම් සී.අයි.ඩී විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. තමන්ව ආන්ඩුව විසින් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවත් තමන් සැඟව සිටින බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.  

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් මත ‍අසාත් සාලි මහතා අත්අඩංගුවට ගත් බවයි. කොලොන්නාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් නිසා අත්අඩංගුවට ගත් බවක් පැවසුනද ආන්ඩුව අසාත් සාලි මහතාව අත්අඩංගුවට ගන්නේ අන් කවරකටවත් නොව ඔහු නිර්භයව රාජපක්ෂ පාලනය විවේචනය කිරීම සහ රජයට සම්බන්ධ ආගම්බේධකාරීන්වද දැඩිලෙස විවේචනය කිරීම නිසා බව ජනතාව මේ වන විටත් දැනගෙන හමාරය. ආන්ඩුව විවේචනය කරන්නන් මෙලෙස මර්ධනයට ලක්කරන්නේ ඔවුන් විසින් කරන්නාවු විවේචන වලින් ආන්ඩුවට දැඩිලෙස පහර වැදී රිදීම නිසා බව පැහැදිලිය.  

කෙසේ වුවද ආන්ඩුව සිතන්නේ තමන්ට එරෙහි වන්නන් මර්ධනය කර ජනතාවට බොරු හොඳ මුහුණක් පෙන්වමින් හැමදාම ජයගත හැකි වනු ඇති බවයි. ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරය මේ වන විටත් රජය විසින් ගෙනයන කූඨ වැඩපිළිවෙල ගැන දැනුවත් වී හමාරයි. අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් සිදුවන්නේ එය තවදුරටත් මස්තකප්‍රාප්ත වීමයි. වෙනත් වචන වලින් කියනවා නම් අසාත් සාලි දෙස ජනතා ඉල්ලුම වැඩි වීමයි.

නමුත් සිංහල ජනතාවගෙන් බහුතරය වෙත මෙම පණිවිඩය ගෙනයාමට විපක්ෂය තවම අපොහොසත් වී ඇති සෙයකි. ආන්ඩුව සිතන්නේ විපක්ෂය අකර්මන්‍ය නිසා තමන් හැමදාම කරන පිස්සුව ඉදිරියටත් කරගෙන යාමට හැකි වනු ඇති බවයි. පවතින විපක්ෂය තවදුරටත් නිදිවදිමින් සිටින්නේ නම් ජනතා රැල්ලකින් නව විපක්ෂ සංධානයක් නිර්මාණය වීම වැඩි ඈතක නොවන බව මගේ අදහසයි.   

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment