Tuesday, May 7, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අසාද් සාලි නිදහස්‌ කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
අසාද් සාලි නිදහස්‌ කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌
May 8th 2013, 05:53



බිරියත් රිට්‌ පෙත්සමක්‌ ගොනු කරයි

සරත් ධර්මසේන

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රහස්‌ පොලිසියේ රඳවා සිටින කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා වහාම මුදාහරින ලෙසට පොලිස්‌පතිට හා රහස්‌ පොලිසියේ බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඊයේ (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකරන ලදී.

අසාද් සාලි මහතා වෙනුවෙන් පෙත්සම ගොනු කළේ නීතිඥ ගෞරි තවරාසා සංගරී මහත්මියයි.

මේ අතර අසාද් සාලි මහතා රඳවා සිටින යම් ස්‌ථානයකින් කවර හෝ උසාවියක්‌ හමුවට පමුණුවා මුදා හැරීමට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ වන රෙනෝස ඒ. සාලි මහත්මියද ඊයේ අභියාචනාධිකරණයට හබායස්‌ කෝපස්‌ රිට්‌ පෙත්සමක්‌ ගොනු කළාය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් නීතිඥ ගෞරි සංගරි මහත්මිය කියා සිටින්නේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තරම් බරපතළ වරදක්‌ අසාද් සාලි මහතා සිදුකර නැති බවයි.
පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්, අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ ගාමීණී මතුරට පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත රත්නායක සහ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීම නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 11, 12 (1), 13 (1), 13(2), හා 13 (5) යන වගන්තිවලින් සහතික කර ඇති ඔහුගේ මූලික අයිතීන් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ද වගඋත්තරකරුවන්ගෙන් සාධාරණ වන්දියක්‌ අයකර දෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට රහස්‌ පොලිස්‌ බලය පවරමින් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ නීතිය යටතේ නිකුත් කළ නියෝගයේ පිටපතක්‌ උසාවියට ඉදිරිපත් කරන ලෙසට පොලිස්‌පතිට හා රහස්‌ පොලිසියට නියෝග කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

අසාද් සාලි මහතාගේ නීතිඥයනට වාචිකව කරුණු දැක්‌වීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සම අද (08 වැනිදා) හෝ හෙට (09) වැනිදා යන දිනෙන් එකකදී කැඳවන ලෙස ද ඉල්ලීමක්‌ කර ඇත.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment