ශ්‍රී ලංකා රජය විවේචනය කරන්නන්ට එරහිව රජයෙන් තර්ජන සහ පීඩන ඇති බවට ඇම්නෙස්ටි (Amnesty International ) වාර්තාවකින් අනාවරණය වේ. "රජය විවේචනයට එරහිව අඩම්තේට්ටම්" ලෙසින් එළිදැක්වූ මෙම වාර්තාව පිටු 78කින් සමන්විත වේ. එය මෙතනින්ලබා ගත හැක.
ක්‍රමානුකූලව සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනය නවත්වන්නේ නැතිනම්, ඉදිරි නොවැම්බරයේ පැවැත්වීමට නියම කර ඇති පොදු රාජ්‍ය සමුළුව (Common wealth Heads of Government Meeting -CHOGM) ලංකාවේ නොපැවැත්විය යුතු බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි. තාඩන පීඩන වලට ලක්වන්නන් අතර මාධ්‍යවේදීන්, විනිසුරුවන්, මානව හිමිකම් වේදීන් සහ විරුද්ධ පක්ෂයේ දේශපාලකයන් සිටින බවත්, එම තාඩන පීඩන සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බව ඇම්නෙස්ටි පවසයි.
පොදු රාජ්‍ය සමුළුව කොළඹදී පැවැත්වීමට නියමිත වන අතර ඉන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලාසනය ලංකාවට හිමිවීම, පවතින වාතාවරණය යටතේ නුසුදුසු බව ඇම්නෙස්ටි පවසයි. ඇම්නෙස්ටි සංවිධානයේ ආසියා-ශාන්තිකරයේ අධ්‍යක්ෂක පොලී ට්‍රස්කොට් (Polly Truscott ) මෙසේ පවසයි:
"ලංකාවේ දේශපාලන බලය ස්ථාපනය කිරීම සහ රජයට විරුද්ධ හඬ මැඩලීම එකට සිදුවේ."
"ඇත්තටම භීෂණ යුගයක් පවතින අතර, රජයට එරෙහිව හඬ නගන්නට තරම් එඩිතර වන්නන්ට බොහෝ විට විඳවීමට සිදුවේ."
"ක්‍රමවත් ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම රජය විසින් නතර කරන්නේ නැතිනම් කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය සමුළුව නතර කල යුතුයි. පුද්ගලයන්ට එරෙහිව තාඩන පීඩන ප්‍රහාර වහාම නවත්වා ඒ ගැන විධිමත් පරීක්ෂණ ආරම්භ කල යුතුයි."
රජයට එරහිව හඬ නගන්නන්ට එරහිව තාඩන පීඩන, පහරදීම් සහ ඇතැම් විට මරණයට පත් කිරීමද ඇති බව අදාළ වාර්තාවෙ සඳහන් වේ. වැඩි දුර කියවීම ඇම්නෙස්ටි වෙබ් අඩවියෙන්.
No comments:
Post a Comment