| ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
| මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවතට? Apr 20th 2013, 19:34 2013 අප්‍රේල් 20 02:00 p.m ආණ්ඩුවෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි මැයි දිනයෙන් පසුව තීරණයකට එළඹීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත. මුස්ලිම් ජාතිකයන්ට මුහුණ දීමට සිදුවන බව කියන ගැටලුවලට අදාළව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ තවමත් සාධාරණයක් ඉටු නොවීම නිසා ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස මුස්ලිම් කොංග්‍රසය වෙත බලපෑම් එල්ල වී ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයන් ද මේ සම්බන්ධයෙන් එම කොංග්‍රසයේ නායකත්වයට, ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑමක් එල්ල කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.මැයි දිනයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ පෙන්වන ශක්තිමත් භාවය පිළිබඳ සලකා බලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණයකට පැමිණීමට නියමිතය. මැයි 01 දායින් පසු මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙනු ඇත. ලසන්ත වීරකුලසූරි
| |
| |
No comments:
Post a Comment