Thursday, April 25, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): නායක කාරකාදීන්ගේ පිළිම වඳුරු පැටව් වගේ තැන් තැන්වල

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail නායක කාරකාදීන්ගේ පිළිම වඳුරු පැටව් වගේ තැන් තැන්වල
Apr 25th 2013, 20:20


-හිටපු ජනපතිනිය කියයි

2013 අප්‍රේල්  25  01:20 a.m
"අද මේ රටේ මහා සිංහල බෞද්ධ කියා ගන්නා සුළුතර පිරිසක් බිහිවෙලා ඉන්නවා. සුළුතරය ඉතා භයානකයි. අන්තවාදීව අනෙකුත් අයගේ ජීවන රටාවන් වෙතත් ඇඟිල්ල දිගු කරන මේ අන්තවාදී සුළුතර පිරිසගේ ක්‍රියාකලාපය දැනටමත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය (04/23) දා මතුගමදී කීවාය.

මතුගම බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත දකුණු ආසියාවේ විශාලතම බුදුපිළිම වහන්සේ සඳහා මුල්ගල තැබිමේ උත්සවය පසුගිය (04/23) දා බටමුල්ල කන්දේදී සිදු කෙරුණි.
මුල්ගල තැබිමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ අදහස් ප්‍රකාශ කළාය.

වසර දෙදහස් පන්සීයක ඉතිහාසයේ මේ රට පාලනය කළ රජවරු කවදාවත් කියල නැහැ මේක සිංහල බෞද්ධයින් සඳහා පමණක් වෙන්වූ රටක් කියල. ඔවුන් සටන් කළේ යුද කරලා අන්‍ය රටවැසියන් ගෙන් මේ රට බේරා ගැනීමටයි. රාජ්‍යයට සතුරු ප්‍රහාර පැමිණි විට පහර දුන්නා මිස ජාති භේදයෙන් මත් වෙලා මේ රටේ සෙසු ජාතීන්ට, ආගම්වලට, සංස්කෘතීන් වලට පහර දුන්නෙ නැහැ. මේ රට තුළ අන්‍ය ජාතීන්ට රාජධානී පවා ලබාදීල තිබුණ. මේ රට බහු ආගමික බහු ජාතික එකමුතුවක්. සහෝදරත්වයෙන් සමගියෙන් සාමයෙන් එකමුතුව ජීවත් වූ රටක්. නමුත් වර්තමානයේ සුළුතර පිරිසක් ගෙන යන මේ අන්තවාදී වැඩපිළිවෙල මේ ආකාරයට දිගටම ගියොත් මේ රටට විශාල, විනාශයකට හානියකට හේතු වෙනවා. මෙවැනි අන්තවාදී පිරිස් නැගී සිටින අවස්ථාවලදී රජය මැදිහත්ව එය මැඩ පැවැත්විය යුතුයි. ඒක ආණ්ඩුවේ රජයේ පාලකයින්ගේ වගකීමක්. එසේ නැතිව ඔවුන්ට උඩගෙඩි දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් සිදුවන්නේ විශාල හානියක්. අද මේ සිදුවෙමින් තියෙන කටයුත්තේ හානිය ඉතා විශාලයි. දැනටමත් ආර්ථික හා ජාත්‍යන්තර වශයෙන් විශාල හානියක් සිදුවී හමාරයි. රටේ පාර්ලිමේන්තු මැති ඇමැති වරුන්ට වගේම රටේ ජනතාව විදිහටත් මේ සඳහා විශාල අයිතියක් යුතුකමක් හා වගකීමක් අපටත් තියෙනවා. බෞද්ධයන් හැටියට අපි ඒ අපේ වගකීම ඉටු කළ යුතුයි.
Chandrika-Agalawaththa-24-(1)
මම ඉගෙනගෙන තියෙන බෞද්ධ දර්ශනය අනුව නම් බුදු දහම තරම් කරුණාව මෛත්‍රිය ගැන කතා කරන වෙන මොනම ආගමක්වත් නැති තරම්. සියලු කුල භේදයන්ට එරෙහිව ජාතිවාදයට එරෙහිව නැගී සිටින ආගමකි. අද මේ රටේ එන තරම්  ඉන්නව. නමුත් දානපතියො ඉන්නෙ බොහෝම කලාතුරකින්. ඇයි එහෙම වෙන්නෙ නැත්තෙ කියලයි ප්‍රශ්නය. පුළුවන් තරම් රජයෙන් නිකං ගන්න බලනව. මිසක් තමන්ගෙන් ගමට, රටට යමක් කරන්න බලන පිරිස ඉතා අඩුයි.

මේ රටේ හිටපු අපේ නායකයින්ගේ පිළිම නෙලීමත් ඉතා අඩුයි. මේක ඉතා අපහසු කලාවක්. වෙනත් කලා මාධ්‍යයකටත් වඩා පිළිම නෙලීම දුර්ලභ කටයුත්තක් මේ රටේ බොහෝම නායක කාරකාදීන්ගේ පිළිම තැන තැන  හදල තියෙනව ඒව වඳුරු පැටව් වගෙයි. බුදු පිළියමක් නෙළීම ඉතාම භාරදූර කටයුත්තක්.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි 


අදට වඩා හෙට හොඳයි කියලයි ඉස්සර කිව්වෙ. නමුත් දැන්  එන්නම අනාගතය අඳුරු සහගත තත්ත්වයකුයි තියෙන්නෙ. ලබන මාසෙ ලයිට් බිල ජනතාව අතට ලැබුණමයි ඔවුන්ට කරන්ට් වදින්නෙ. මිනිසුන් සතුටින් ජීවත් වෙන්න ඕන. සතුට තමයි පරම ධනය. උපයන ධනයෙන් දනට පිනට දීල සතුටින් ජීවත්වීමයි කළ යුත්තේ.

ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ පැල්‍පොල විපස්සි හිමි මතුගම මහානාම හිමි, යටදොල වත්තේ චන්ද්‍රසිරි හිමියෝ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග අජිත් පී. පෙරේරා මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

වෙළඳ ව්‍යාපාරික ජගත් පින්නගොඩ විතාන මහතාගේ පනස් පස් (55) උපන්දිනය සමරා සිය පුද්ගලික ධනය රුපියල් ලක්ෂ නවසියයක් (900) වැයකර ඉදිකරන මෙම පිළිරුව ලබන වසරේ අප්‍රේල් මාසයේදී වැඩ නිමවීමට නියමිතය. අඩි 135ක් උස මෙය දකුණු ආසියාවේ විශාලතම හිටි පිළිම වහන්සේ බවටද පත්වෙයි.

 සරත් කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment