Tuesday, April 16, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ඇමෙරිකාවේ බෝම්බ පිපිරීම් -

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ඇමෙරිකාවේ බෝම්බ පිපිරීම් -
Apr 16th 2013, 08:46


A double bombing killed at least 3 people and wounded more than 100 others


ඇමෙරිකාවේ 4.15.2013(එනම් ඊයේ) දින බෝම්බ 2ක් පිපිරී, දැනට තිදෙදෙනෙකු මරුමුවට පත්ව 15 කගේ පමණ පාදයන් අහිමිව හෝ අස්ථි භග්නව ඉතා අසීරු තත්වයේ පසු බව වාර්තා වන අතර 150 කට වැඩි ප්‍රමාණයක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවද කියැවේ. යාර සියයක දුර පරතරයක් සහිතව තත්පර 10 ක කාල පරතරයක් අතර පිපිරී ඇති මෙම බෝම්බ 2 ට අමතරව පොලීසිය කියා සිටියේ තවත් ස්ථාන 2 ක පුපුරන ද්‍රව්‍ය හමුවූ බව වාර්තා වූ බවයි. බොස්ටන් නගරයේ වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගය සඳහා තරග කරුවන් 23,000 ක් සහභාගී වී ඇති අතර තරගය ආරම්භ වී පැය 4 කට පසුව මෙම  සිදුවී ඇති බව පවසයි.

මුළු ලොවටම නීති උගන්වමින්, මුළු ලොවෙහිම එකම " නීතිය සහ නියෝග"(law and order) ක්‍රියාවට යොදමින් මුළු ලොවහිම ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා දිවි හිමියෙන් කැපවී සිටිනඒ සඳහා කිසිඳු පැකිලීමකින් තොරව බිලියන ගණන් මුදල් වෙන් කරන ඒ වෙනුවෙන් නවීන ආයුධ නිපදවමින්, ඒවා පරික්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදීන් ගේ නිජබිම් යොදා ගන්නා,  ඇමෙරිකාව තුල ත්‍රස්තවාදීන් කුරිරු ලෙස, කිසිඳු ලැජ්ජාවක් නොමැතිව, මෙලෙස බෝම්බ දමා, ක්‍රීඩකයින් භිය වද්දා, සාමයට ලැදි ඇමෙරිකානුවන් බිය වද්දා, සාමයට වඩා යුද්ධයෙන් ජය ගත හැකි යයි සිතන ඇමෙරිකානුවන් උද්දීපනය කර, ඔබාමාට රට පහසුවෙන් කරවීම සඳහා කරුණු කාරනා සපයමින් මේ කරනු ලැබූ නිර්ලජ්ජී ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතුය.

පුරුද්දක් ලෙස මෙවන් ක්‍රියා කරනු ලබන්නේ මුස්ලිම් ත්‍රස්තවාදයෙන් බව අපගේ මනස පාලනය කරනු ලබන බටහිර මාද්‍ය විසින් තව පැය ගණනක් යන්නට මත්තෙන් කියනු ඇත. මැද පෙරදිග තවමත් අත ගැසීමට ඉතිරිව ඇති ඉරානය වැනි රටවල් මෙහිදී ඉදිරියෙන්ම තිබෙනු ඔබට දැක ගත හැකි වනු ඇත.  නො එසේනම්, ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය වන උතුරු කොරියානු වැඩක් ලෙසද මෙය හුවා දක්වා, "වෙපන්ස් ඔෆ් මෑස් ඩිස්ට්‍රක්ෂන්" සෙවීමේ "මානුෂික මෙහෙයුම්" ක්‍රියාවට නගනු ඇත. සමහර විට මෙම ක්‍රියාව "එක ගලෙන් ගෙඩි දෙකක්" සාම්ප්‍රදායද යොදා ගනු ඇත. නඩුත් හාමුදුරුවන්ගේ සහ බඩුත් හාමුදුරුවන්ගේ කල අපට කල හැක්කේ ඉන්ටර්ලේක්චුවල් කොමන්ට් හැර වෙන කිමද ?

g888
සාකච්ඡාවලදී උතුරු කොරියානු අර්බුදයට පළමු තැන

එදා 2001/9/11 (නයින් ඉලෙවන්) සිද්ධිය සිදු වූ විගස බටහිර ප්‍රධාන මාධ්‍ය සියල්ල, කිසිඳු පටලැවිල්ලක් නොමැතිව එක හඬින්, එක වර කියා සිටියේ මෙම ක්‍රියාව "ඔසාමා බින්ලාදින්" ප්‍රමුක "තාලිබාන්" සංවිධානය විසින් සිදු කල අමනුෂ්‍ය, කුරිරු, මිලේජ්ජ, නිර්ලජ්ජිත ක්‍රියාවක් බවයි. පසුව නොබෝ දිනකින් ඉරාකයත් එයට ඈදා ගත් ඇමෙරිකාව "වෙපන්ස් ඔෆ් මෑස් ඩිස්ට්‍රක්ෂන්" සංකල්පය හරහා මැදපෙරදිග රටවල් කෙතෙක් දුරට අස්ථාවර කලේ දැයි ඔබට මතක ඇත. නමුත් "නයින් ඉලෙවන්" සිද්ධියේ පසුබිම සොයා බලද්දී එය "ඇතුලේ වැඩක්" (inside job) බවට කිසිඳු අපහසුතාවක් නොමැතිව සොයා ගැනීමට හැකි වනු ඇත. පහත වීඩියෝ මගින් එහි සත්‍යතාව ඔබටද සොයා ගත හැකි වනු ඇත.


මෙහිදී, නවීන පරිඝනක තාක්ෂණය මෘදුකාංග භාවිතා කරමින්, හොලිවූඩ් සිනමා ප්‍රතාපයින් යොදා ගනිමින්, මාධ්‍ය දැවැන්තයින් යොදා ගනිමින්, රටේ වැදගත් යයි සම්මත පුරවැසියන් යොදා ගනිමින් සියුම්ව සැලසුම් සහගතව සිදු කරනු ලැබූ " නයින් ඉලෙවන්" ජවනිකාව නිසා ඔබත් මමත් ලොවේ සියලුම රටවල සිටින සියලුම දෙනා අනාත් වූ සැටි අමුතුවෙන් මතක් කල යුතු නොවේ.

ඇමෙරිකාවේ ප්‍රතිපත්ති අංක එක වනුයේ සතුරා තමා වෙත පැමිණීමට පෙර සතුරා කරා යුද්ධය ගෙන යාමයි. ඇමෙරිකාවේ බොස්ටන්හි සිටින ලක්ෂ ගණනක් වූ කුඩු කළු ජාතික කාරයින්ට මුදල් වියදම් කරන බුද්ධි අංශ වලට ඉහත බෝම්බ සැලසුම් හසු නොවීම පුදුමයක් වන අතර, සමහර විට මෙයත් ඇතුලේ වැඩක් වීමේ සම්භාවිතාව ඉහලයි.

එ කෙසේ වෙතත් ඇමෙරිකාව නැවතත් අපිට බොලේ බස්සනු ඇත. අපිව ගොනාට අන්දනු ඇත. ඔවුන්ගේ ඉලක්ක කරා නිවැරදිව ගමන් කරනු ඇත. 

අපි කවදත් සුපුරුදු ලෙස "ඉන්ටර්ලේක්චුවල් කොමන්ට්" සංකල්පයේ සිටිනු ඇත.  අපේ දුවා කරන කට්ටිය එසේම කර කර සිටිනු ඇත. නෝම්බි අල්ලන කට්ටියද එසේම කර කර සිටිනු ඇත. බයාන් කරන ඈයොද එසේම කර කර සිටිනු ඇත. FB වල ගුරුප් සාදන්නන් එලෙසම ගුරුප් සාදමින් සිටිනු ඇත. ටික දවසකින් මේ සියල්ල අපට අමතක වනු ඇත. ටික දිනකින් තවත් අලුත් යමක් සිදුවන තෙක් දෑස් ඇරගෙන අපේ ඉන්ටර්ලේක්චුවල් ඈයෝ කට බලියන් සිටිනු ඇත.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment