Saturday, March 9, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අති පූජ්‍ය, අති උතුම්, අති සැදැහැවත් බොදු බල සේනා මහතුනි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
අති පූජ්‍ය, අති උතුම්, අති සැදැහැවත් බොදු බල සේනා මහතුනි
Mar 9th 2013, 10:57


අති පූජ්‍ය, අති උතුම්, අති සැදැහැවත් බොදු බල සේනා මහතුනි, සියලුම ගෞරව සහිතව, අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලහි වබරකාතුහු.
 
ඔබතුමන්ලා ඉස්ලාම් දහමේ සංකල්ප අධ්‍යනය කර, අද පවතින ඉස්ලාම් දහමේ ගැටළුකාරී තත්වයන් පිළිබඳව අවංකව සන්තාපයට පත්ව, ඉස්ලාම් දහමේ උන්නතිය උදෙසා, ඉස්ලාම් දහම අදහන මුස්ලිම්වරුන් ගේ සිත් පවිත්‍රකිරීමේ අති උදාර අධිෂ්ඨානයෙන් රටේ බහුතර ජනතාව දැනුවත් කිරීමේ භාර දූර කර්තව්‍යයට උරදීම මා ඉතා අගය කොට සලකමි. ඒ පිළිබඳව අල්ලාහ් දෙවියන්ට ස්තූති වන්ත වෙමි. එලෙසම මෙම උදාර කර්තව්‍යය කිසිඳු භාදාවකින් තොරව සිදුකර මුස්ලිම්වරුන්, මුස්ලිම්වරුන් ලෙසම ජීවත්වීම සඳහා අවකාශ ඇතිකිරීමට ඔබගේ දෑත් තව තවත් ශක්තිමත් කිරීමට අල්ලාහ් දෙවියන්ම ඔබට පිහිට වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
 
ඔබ තුමන් මේ ආරම්භ කරනු ලැබූ මෙහෙවරින් දැනටමත් ඉස්ලාමිය සමාජය තුලට ලැබුණු ප්‍රභෝදය සහ ප්‍රතිලාභ බොහෝයි.
    • 1.       නිසි නායකත්වයක්  නොමැතිව දේශපාලන පිල් වලට බෙදෙමින් සිටි මුස්ලිම් ජනතාව අද එකාවන්ව එක් පිලක් ලෙස සිතීම සඳහා ආරම්භයක් ලබා ඇත.
    • 2.       ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික නායකත්වය ACJU - මුස්ලිම් විද්වතුන්ගේ සංගමය හරහා සිදුවන බව මුස්ලිම්වරු ඇතුළු මුළු රටටම මතක් කර දීම.
    • 3.       ඉස්ලාමයේ හලාල් වැනි මනුෂ්‍යත්වයට ඉතා හිතකර සංකල්පයන් බහුතරයා අතර ප්‍රචලිත කිරීම සඳහා මුල් වීම,
    • 4.       හිජාබ් නිකාබ් වැනි ගැහැනුන්ට ගෞරවයක්, වටිනාකමක් ලබා දෙන ඇඳුම් පිලිබඳ ජනතාව දැනුවත් කිරීම.
    • 5.       මුස්ලිම්වරුන්ගේ ඇදහිලි ක්‍රම සහ ජීවන ක්‍රම ඉතා පහත් ලෙස කෙලසද්දී, මුස්ලිම්වරුන් සාමයට ඉතා කැමති, ඉවසිලිමත් ජාතියක් බවට ඔප්පු කිරීම.
    • 6.       ඉස්ලාම් දහම පිලිබඳ සිංහල මාද්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ ඉස්ලාම් දහම පිළිබඳව ජනතාව දනුවත් කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් ලබා දීම.
 
මෙලෙස ඉස්ලාම් දහමේ උන්නතිය උදෙසා ඔබ කල සේවය අප සදා අගයමු. ජසාකල්ලාහ් හයිර්.
 
එලෙසම ඔබතුමන්ලා සැදැහැසිතින් මේ කරන කටයුත්තේදී පහත කරුණු පිලිබඳව ටිකක සැලකිලිමත් වුවහොත් හොඳයයි මගේ අදහසයි.
 
  • 1.       ඔබතුමන් මාධ්‍ය සාකච්චාවේදී වෙන්ඩෝල් ආයතනය ගැන අසනු ලැබූ පැනයකට එම ආයතනය හලාල් සහතිකය සඳහා රු : 175,000 ක් ගෙවන බව සඳහන් කළා. එම මාද්‍ය නිවේදනය මෙතැනින්  බලා ගන්න (http://www.youtube.com/watch?v=I_CXUYisZIg) . නමුත් ඉන් සතියකට පෙර වෙන්ඩෝල් ආයතනය කියා සිටියේ ඔවුන් එක් නිෂ්පාදන 13 කට රුපියල් 9.000 පමණක් ගෙවන අතර, ඔවුන්ට හලාල් සහතිකය ගැනීමට සිදුවූ යම් අතපසුවීමක් නිසා දනටමටත් කොටි එක හමාරක් පාඩුයි කියලා. එම මාධ්‍ය නිවේදනය මෙතනින් බලා ගන්න (http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7528:2013-02-27-04-59-46&catid=34:news&Itemid=62).
  • 2.       එලෙසම ටි එන් එල් මාධ්‍ය සාකච්චාවකදී ඔබ වරෙක කියා සිටියේ, රැවුල වැවූ කල බලන්න බය හිතෙනවා කියලා. සාම්ප්‍රදායික මුස්ලිම්වරු එහෙක නැහැ කියලත් කිව්වා. නමුත් සිද්දි ලෙබ්බේ වගේ මෙරටට විශාල මෙහෙවරක් කල සාම්ප්‍රදායික මුස්ලිම්වරු රැවුල වැවුවා. එකත් අතහරිමුකෝ, අපේ රටේ රජවරු ඔක්කොමත් රැවුල වැවුවානේ. තව අර ඇමති ගොල්ලොයි, වන්දිබට්ටයෝයි, පනික්කයෝයී ඔක්කොමත් රැවුල වැවුවානේ. එ දවස් වල රැවුල කියන්නේ පෞරුශත්වයේ ලාංචනයක්. ඉතින් ඕවා අපිට නැතිනම් වෙන මොනවා කරන්නද, තියෙන එකාට බනිනවා හැර.
  • 3.       එලෙසම ටි එන් එල් මාධ්‍ය සාකච්චාවෙඩි ඔබ වරෙක කියා සිටියේ, " අපිට සම්ප්‍රදායික මුස්ලිම්වරු සමග කිසිම ගැටලුවක් නැහැ" කියල. එත් එක්කම සම්ප්‍රදායික මුස්ලිම්වරු නිකාබ් දැම්මේ නැතිලු, හිජාබ් දැම්මේ නැතිලු. නමුත් මේ රටේ ඉතිහාසය පිලිබඳව කරුණු සටහක් කරනු ලැබූ ජේම්ස් කොර්ඩිනර් පූජකවරයා 1803 දී වාර්තා කලේ "කොළඹ මුස්ලිම් ස්ත්‍රීහු ගෙයින් පිට යන සැම අවස්ථාවකදීම හිස සිට දෙපතුල දක්වා ආවරණය කරගෙන සිටියහ" කියලයි. සමහරවිට එ අය හිජාබ් නිකාබ් ඇඳලා නැතිව ඇති. නමුත් හිස සිට දෙපතුල දක්වා ගෝනි කෑල්ලකින් හරි වහගන්න ඇති. නැත්නම් හබරල කොළ වගේ දේශීය විලාසිතා වලින්.
 
මොනවා උනත් ඔබතුමන්ලා අද ඉස්ලාම් දහම පිලිබඳ ජනතාව දැනුවත් කරන එක නම් හරිම පැසසිය යුතු කරුණක්. මේ පිලිබඳ මම මෙහෙම දෙයක් කියන්නම්, මේක මම ඉගෙන ගත්තේ අපේ කාලේ පාසලේ උගන්වපු සිංහල සාහිත්‍යය පොතකින්
             මේ කළාවූ පින් බලෙන් නිවන්
    නිවන් දක්නා ජාති දක්වා
    අප දෑතූරේ නූපදින්නට
  •   හේතුවාසනා වේවා !!!!!!!!!! 

යා අල්ලාහ්, ඉස්ලාම් දහමේ උන්නතිය උදෙසා බොදු බල සේනා මහත්වරුන් දැන හෝ නොදැන කරන මේ මෙහෙයට ඔවුන්ට නිසි ගෞරවය ලබා දුන මැනවි. එලෙසම එ සදහා ඔවුන්ට නිවැරදි මග පෙන්වනු මැනවි. එ සඳහා ඔවුනගේ දෑත් ශක්තිමත් කරනු මැනව. ඔවුනට ඉස්ලාම් දහමේ නිසි හරය සහ වටිනාකම තේරුම් කර දුන මැනවි. ඔවුනගේ සිතතුළ ඉස්ලාම් දහම පිලිබඳ තෙරපෙන කුතුහළයට පිළිතුරු ලබා දීමේ වගකීම ඔබම භාර ගනු මැනවි. ලොව උතුම්ම නිර්මාණය වන මිනිසා නිර්මාණය කල ඔබ, සාතන් ඉදිරියේ මිනිසා ගැන විශ්වාසය තැබූ ඔබ, මවකගේ සෙනෙහසටත් වඩා 70 ගුණයක් මිනිසාට ආදරය කරන ඔබ,  මරණින් මතු ජීවිතයේදී ඔවුන් දෙස කාරුණිකව බලා ඔවුනගේ පවු කමා කල මැනවි. ඔවුනට හිදායත් නිවැරදි මග පෙන්වීම ලබා දී ඔවුනටද ස්වර්ගයේ ඉඩක් ලබා දුන මැනවි.
 
ආමින් ආමින් යාරබ්බල් ආලමින්
අබ්දුල්ලාහ්

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment