| ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
| හලාල් ප්‍රශ්නය ඉවරයි Mar 18th 2013, 05:43 හලාල් ප්‍රශ්නය ඉවරයිගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මහනුවරදී කියති
 සිරිල් විමලසුරේන්ද්‍ර
දැන් හලාල් ප්‍රශ්නය ඉවරයි. හලාල් ප්‍රශ්නය ගැන නැවත අප කතා කරන්නේ නැහැ. මෙවර සිංහල අවුරුද්ද කන්නේ හලාල් නැතිව යෑයි මහනුවරදී ඊයේ (17 දා) පැවැති බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේ පැවැති සමුළුවට විශාල ජනකායක් සහභාගි විය.
හලාල් ප්‍රශ්නය විසඳීමෙන් පසුව අපි කුරගලට එනවා. කුරගල නිදහස් කිරීමට අප්‍රේල් 30 වැනිදා දක්‌වා කල් දෙනවා යෑයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
කුරගල බෞද්ධයන් සඳහා නිදහස් කරගත් පසුව ලබන වෙසක් පෝදා කුරගල වන්දනාවේ යැමට බෞද්ධයන් සූදානම් විය යුතු යෑයි ඥනසාර හිමියෝ පැවසූහ.
හලාල් ගැටලුව විසඳීමට සහාය දුන් සැමටම කෘතඥතාව පළකරන බව පැවසූ උන්වහන්සේ හලාල් ජයග්‍රහණය නමස්‌කාර පූර්වකව දැනුම් දීමට මල්වතු අස්‌ගිරි මහා නායක ස්‌වාමීන්වහන්සේ බැහැදුටු බවත් දළදා සමිඳුන් වෙත පවසා සිටීමට මහනුවරට පැමිණි බවත් උන්වහන්සේ පැවසූහ. http://www.divaina.com/2013/03/18/news26.html | |
| |
No comments:
Post a Comment