Monday, March 4, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): බුදු දහමට වැරදි අර්ථකථන

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
බුදු දහමට වැරදි අර්ථකථන
Mar 5th 2013, 05:43


  • සමීක්ෂණයකින් හෙළිවේ
2013 මාර්තු 05  08:20 a.m
grantha61බුදු දහමට වැරදි අර්ථකථන දෙමින් දහම විකෘති කළ ‍පොත්පත් හා සඟරා දහසක් පමණ දැනට වෙළෙඳ‍පොළේ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ සමීක්ෂණයකින් හෙළිවේ. වැරදි අර්ථකථන දෙන මෙම ග්‍රන්ථ සමාජගත කිරීම හරහා බුදු දහමට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි එම ධර්ම පර්යේෂණාලය පවසයි. විශේෂයෙන් මහරහත් හා සෝවාන් යැයි හඳුන්වා ගන්නා  උදවිය ලියූ ග්‍රන්ථවලින් එම ධර්ම විරෝධී සංකල්ප සමාජගත කර ඇතැයි හෙළි වී තිබේ.සංයුක්ත නිකායේ පාෂාණ සූත්‍රය එක් ග්‍රන්ථයක හඳුන්වා ඇත්තේ ගල්ගෙඩි පෙරළෙන සූත්‍රය ලෙසින් බවත්, තවත් ග්‍රන්ථයක පටිච්ච සමුප්පාදය යනු ඉනේ බඳින පටියක් යැයි අර්ථ විග්‍රහ කර ඇති බවත්, ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. තමන්ට රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ කතා කරන බව සඳහන් කරන අයෙකු බුදුරජාණන් වහන්සේ හා කතා කළා යැයි කියන දේවල් අඩංගු කර ග්‍රන්ථයක් ලියා වෙළෙඳ‍පොළට නිකුත් කර ඇතැයි පර්යේෂණාලය පවසයි. එසේම තවත් පිරිසක් ත්‍රිපිටකය සම්පූර්ණයෙන් විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයිද විපස්සි හිමියෝ පවසති. මෙම දහම විකෘති කළ ග්‍රන්ථ නිසා විවිධ පූජා විධි ආරම්භ වීමෙන් සමාජය භක්තිවාදයට යොමු වී ඇතැයිද මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. එසේම විවිධ බෞද්ධ නම් භාවිතා කරමින් නිකුත්කරන එම ග්‍රන්ථවල දහමට අදාළ කිසිදු කරුණක් ඇතුළත් නොකර කාමය උද්දීපනය කරන කරුණු ඇතුළත් කර ඇති බවද හෙළි වී ඇත. නිවැරැදි දහම විකෘති කරන මෙවැනි කුමන්ත්‍රණකාරී ව්‍යාපෘති නිසා අනාගතයේදී නිවැරැදි දේ යටපත් වී වැරැදි දේ සමාජගත වීමට ඉඩ ඇති නිසා බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණය සඳහා වහාම යම් කිසි ක්‍රමවේදයක් යෙදිය යුතුව ඇතැයි ද විපස්සි හිමියෝ පෙන්වා දෙති. 
මෙසේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පවත්වන ධර්ම සාකච්ඡාවලදී ධර්මය පසෙකලා පුද්ගලයන් ඉස්මතු වීම නිසා ඔවුන්ගේ වැරදි මත සමාජගත වන බවත් හෑගොඩ හිමියෝ පෙන්වා දෙති. බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණය කර සමාජගත කිරීමට පෙර  ඒවා යම් කිසි බුද්ධි මණ්ඩලයකින් සමීක්ෂණයට ලක් කිරීමට වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතුව ඇතැයිද විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි, හෑගොඩ කේමානන්ද නාහිමි, වැලිවිටියේ පුණ්‍යසාර නාහිමි ප්‍රධාන ගිහි පැවිදි විද්වතුන් පිරිසක් එක්ව මෙවැනි ධර්ම විරෝධී හා සාහිත්‍ය විරෝධී මෙන්ම කාමුක අදහස් දෙන සඟරා ‍පොත්පත් එකතුකර 1960 දශකයේදී ගාල්ලේදී ගිනිබත් කළ බවත් හෑගොඩ හිමියෝ 'ලක්බිම'ට පැවැසූහ.
ධර්ම ශ්‍රී තිලකවර්ධන, රන්මලී සෝමසිරි

from Lambima online News
http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7694:2013-03-05-02-51-05&catid=64:2012-09-10-14-02-45&Itemid=87

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment