Tuesday, March 12, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් නෑ කිව්වට වැඩක් නෑ- පාඨලී චම්පික කියයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
හලාල් නෑ කිව්වට වැඩක් නෑ- පාඨලී චම්පික කියයි
Mar 12th 2013, 10:25


හලාල් නෑ කිව්වට වැඩක් නෑ

PDFPrintE-mail

- පාඨලී චම්පික කියයි

2013 මාර්තු 12  3:40 p.m
champi66උලෙමාවරුන්ගේ සහ වාණිජ මණ්ඩලයේ ඇතමුන්ගේ ප්‍රකාශවලින් මුලා නොවන ලෙස ජාතික හෙල උරුමයේ සභාපති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. සාමාන්‍ය ජනතාවට එක්වරම හැ‍ඟෙන්නේ පමා වී හෝ උලෙමාවරුන් හලාල් ලාංඡනය ඉවත් කර ගැනීම නිවැරැදි දෙයක් බවයි.නමුත් උලෙමාවරුන් ලංකාවේ ආර්ථිකය සහ සමාජය හලාල් ප්‍රමිතිකරණය හා සහතිකකරණය කිරීමේ ක්‍රියාවලියෙන් මෙ‍තෙක් ඉවත් වූ බවක් කිසි විටෙක ප්‍රකාශ කර නැතැයි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය. එම ප්‍රමිතිකරණයට හා සහතිකකරණයට සමස්ත ජීවන ක්‍රමයම ඇතුළත්ය. ඇඳුම්, වාහන, වාසස්ථාන, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සමස්ත ජීවන රටාවම මීට අදාළ වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. අද (12) බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමය පක්ෂ කාර්‍යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කීය. දේශීය නිෂ්පාදන සඳහා හලාල් ලාංඡනය නිකුත් කිරීම තමන් වහා අත්හිටවූ බව උලෙමා සංවිධානය කළ ප්‍රකාශය චම්පික රණවක මහතා විග්‍රහ කරන්නට වූයේ මෙසේය. "හලාල් ප්‍රමිතිකරණය සහ සහතිකකරණයෙන් උලෙමා සංවිධානය ඉවත් වී නැහැ. ඒ අනුව හලාල් ලාංඡනය සිය ඇසුරුමේ ඇතිව හෝ නැතිව භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම පාරිභෝගිකයා නොමග යැවීමකි."2007 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් උලෙමා සංවිධානයට හලාල් සහතික නිකුත් කිරීමට දුන් බලය ඉවත් කර ගෙන තිබෙන බව මෙහිදී පෙන්වා දුන් අතර හලාල් සහතික, ලාංඡන සහ ප්‍රමිතිකරණය රටේ නීතියට පටහැනි බව වාණිජ මණ්ඩලය සහ නිෂ්පාදකයින් දැනගත යුතු යැයිද චම්පික රණවක මහතා පැවසුවේය. හලාල් ලාංඡනය යනු දීර්ඝ ක්‍රියාවලියක අවසානයක්. එබැවින් හලාල් ලාංඡනයෙන් පමණක් නොව, නීති විරෝධි හලාල් සහතිකකරණයෙන්ද,සමාජය බෙදන හලාල් ප්‍රමිතිකරණයෙන්ද වහා ඉවත් වී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස සියළුම නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙම පුවත්පත් සාකච්ඡාවට අතුරළියේ රතන හිමි,මාධ්‍ය ලේකම් නිෂාන්ත වර්ණසිරි මහතාද සහභාගී වූහ.
website statistics

http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7969:2013-03-12-10-11-48&catid=42:2012-05-31-04-01-44&Itemid=90

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment