Monday, March 11, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් අද කරන ලද ප්‍රකාශයේ නිල සාරාංශය මෙයයි.

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් අද කරන ලද ප්‍රකාශයේ නිල සාරාංශය මෙයයි.
Mar 12th 2013, 05:56


අද පැවැත්වුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවේ පැවසු දෙය වැරදි අන්දමින් මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරන වගක් පෙනේ. ඒ මෙතෙක් කලක් ආන්දෝලනාත්මක කරුණක්ව තිබුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කරන හලාල් ලාංඡනය ඉවත් කර ගැනීමට එම සංවිධානය විසින් තීරණය කර ඇති බවයි. එය සැබවින්ම ඇත්තක්ද? මා විසින් එම සංවිධානයේ ප්‍රකාශකයෙකුගෙන් විමසා බැළුවෙමි. ඔහු පවසන්නේ මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර ඇති බවයි.

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් අද කරන ලද ප්‍රකාශයේ නිල සාරාංශය මෙයයි.

  1. සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් මෙතෙක් කරගෙන ගිය හලාල් සහතිකකරණ ක්‍රියාවලිය තවදුරටත් අඛන්ඩව කරගෙන යනු ලැබේ.
  2. එහෙත් එම සහතිකලාභී නිශ්පාදකයාට තමන්ගේ නිශ්පාදනය තුල හලාල් ලාංඡනය යෙදීමට හෝ නොයෙදීමට යන දෙකටම අයිතියක් ඇත.
  3. එසේ කිසියම් හලාල් ආහාර නිශ්පාදකයෙකු තම නිශ්පාදනය තුල හලාල් ලාංඡනය සටහන් නොකෙරුවද ඔවුන්ගේ නිශ්පාදනය ගැන මුස්ලිම් සමාජය දැනුවත් කිරීමට හලාල් කමිටුව විසින් මුස්ලිම් මස්ජිද සහ හලාල් නාමාවලියක් හරහා දැනුවත් කිරීම සිදු කරනු ඇත.
  4. මින් පසු හලාල් සහතික කරණය සඳහා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අය නොකෙරෙනු ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මංඩලය සහ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ සංගමය පිරිවැය දරනු ඇත. එහි වැඩි කොටසක් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් දරනු ඇත.
http://www.anvermanatunga.com/2013/03/11/halal-sahathikaya-doc/

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment