Wednesday, January 16, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ජාතික සම්මුතිය හා අවබෝධය සඳහා වූ සංසදයේ මාධ්‍ය නිවේදනය!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ජාතික සම්මුතිය හා අවබෝධය සඳහා වූ සංසදයේ මාධ්‍ය නිවේදනය!
Jan 16th 2013, 20:08


2013 ජනවාරි මස 15 වැනි දින ජනාධිපති බෞද්ධ කටයුතු උපදේශක ගලගම ධම්මරංසි හිමියන් සහ හිටපු කතානායක හා අමාත්‍යය ගරු එම්. එච්. මොහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍යය සාකච්චාවේදී අප සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍යය නිවේදනය මෙසේයි.

මුස්ලිම් හා සිංහල බෞද්ධ ජනයා අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දැනට වෙබ් අඩවි මගින් හා සමාජ, මුද්‍රිත මෙන්ම අනෙකුත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් මගින් ගෙන යන්නාවූ සියළු ප්‍රචාරයන් පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අපි සැවොම දැඩි නොසන්සුන්තාවයකට හා කනස්සල්ලට පත්ව ඇත්තෙමු. නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නාවූ රට අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර බලවේගයන්හි සැඟවුණු අරමුණු ඉටුකරගැනීමේ අදහසින් මෙම සාමකාමී දෙපිරිස අතරේ ඇතිකරන්නට උත්සාහ කරන විරසකය පරාජය කරන්නට කටයුතු කරන මෙන්  මුස්ලිම් හා සිංහල බෞද්ධ ජනයාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

දශක තුනක බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ඉතාමත්ම අමිහිරි අත්දැකීම් ලැබූ මෙරට ජනයා මෙවන් කුමන්ත්‍රණකාරී පටු ක්‍රියාවන් පරාජය කරන්නට අත්වැල් බැඳ ගනිමු. යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන්නන් හඳුනාගෙන එවන් කටයුතු පරාජය කරන්නට කටයුතු කරමු. පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත් වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිශ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.   

මෙවන් වාර්ගික හා ආගමික ගැටුමකට මුලපුරමින් කටයුතු කරන සියළු වෙබ් අඩවි තහනම් කොට වෛරය හා ක්‍රෝධය ඇතිකිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා කරන්නාවූ සියළු කටයුතු සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා දඬුවම් කිරීමට අවශ්‍යය නීතිමය සංශෝධන ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. සියළු මාධ්‍යයන්ගෙන්ද මෙවන් ගැටුම් ඇතිකිරීම සඳහා කරන්නාවූ කිසිම ක්‍රියාවක් පල නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.


ජාතික සම්මුතිය හා අවබෝධය සඳහා වූ සංසදය
10, රජපොකුන මාවත,
කොළඹ 10.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment