වස්ත්‍රය පිලිබඳ ප්රශ්නය

වස්ත්‍රය වූ කලි බාහිරව තමන්ව හදුන්වා දෙන මාධ්‍යයකි. දුප්පත්, පොහොසත් - සිංහල, දෙමළ, මුස්ලිම් - උඩරට, පහත රට - ලංකාව, ඉන්දියාව පකිස්ථානය, - තමන් සේවය කරන සේවා ස්ථානය - රාජ්‍ය සේවා වර්ගීකරණය - ආරක්ෂක සේවා වර්ගීකරණය යනාදී වශයෙන් දීර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකිය. මේ වර්ගීකරණය තුලද විවිධ මත ගැටුම් තිබෙන අවස්ථා බොහෝය.
කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය හා ගෞරවය රකින අකාරයෙන් කිසියම් පුද්ගලයකු තම වස්ත්‍රය සකස් කරගැනීම වැරැද්දක් ලෙස දැකිය නොහැකිය. එය ඔවුන්ට ආවේනික ජාති කුල පවුල සමාජය විසින් මෙහෙයෙවූ එකකි. මෙයට පිටුපා වෙනත් සංස්කෘතිවලට ඇබ්බැහි වෙච්ච අයද අප සමාජය තුල සිටිති. කෙසේ වෙතත් සමාජ සම්මතයට අනුව එනම් තමන් අයිති සමාජ සම්මතයට අනුව ඇඳුම් නැත්නම් තම වස්ත්‍රය සකසා ගැනීම් වැදගත්ය. සිංහල කාන්තාවක් ඔසරියක් ඇඳීම කාටවත් ප්‍රශ්න කල නොහැක. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් තමගේ ශරීරය පිටතට නොපෙනෙන පරිදී වසා සිටීමද ප්‍රශ්න කල නොහැක. කෙසේ වෙතත් අසීලාචාර ලෙස තමන්ගේ ශරීරයේ වැසිය යුතු කොටස් පිටතට පෙනෙන විදිහේ ඇඳුම් ඇදීම අනුමත කල නොහැක.

තමන්ගේ ඇදුම් තමන්ගේ කැමැත්තට විය යුතු වුවත් සමාජ සම්මතයට විරුද්දව කටයුතු කිරීම කිසිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් නිවැරදි කරන්නේ නැත. ආශාව කාටත් පොදුය. තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට කිසිම තහනමක් නැත. නමුත් එය ඉටුකිරීමේදී වෙනත් පුද්ගලයකුට හෝ පවුලකට හෝ සමාජයට හානියක් වෙනවා නම් ඒ පිළිබඳව කතා කිරීමට කරුණු පහදා දීමට සෑමදෙනාටම අයිතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සමහර හින්දු ගෝත්‍රයට අයත් පිරිමි අය කරාබු පැළඳීම සාමාන්‍ය සිරිතකි. ඔවුන් ඔවුන් කන් යුගලයටම එසේ කරාබු පැළඳ ගනී. නමුත් මුස්ලිම්වරයකු එසේ නොකරයි. එය ඔහුගේ ධර්මයට අනුව තහනම්. එනිසා හින්දු සහෝදරයට එසේ නොකරන ලෙස මුස්ලිම් වරයකුට කිව නොහැකිය. එසේ නීතියක් ගෙන එන ලෙස අන්‍ය සමාජයට බලකල නොහැක. බෞද්ධ භික්ෂුන්ට ඔවුන්ගේ වස්ත්‍ර සම්ප්රදායක් තිබේ. තමන් බෞද්ධ භික්ෂුවක් කියා ගැනීමට නම් නැත්නම් ඔහුව පිළිගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම සිවුර තමන්ගේ වස්ත්‍රය ලෙස තෝරාගත යුතුය. නැත්නම් එම පුද්ගලයාට භික්ෂුවක් විය නොහැකිය. ඔවුන්ගේ වස්ත්‍රය හා සම්බන්ධ නීතිරීති බොහොමයක් තිබේ. ඔවුන්ගේ වස්ත්‍රයේ අඩුපාඩු ඔවුන් විසින්ම විසඳා ගනු ලබනවා. නමුත් එය වෙනත් ආගමිකයකුට විමර්ශනයට ලක් කල යුතු කාරණයක් නම් නොවේ.
එමෙන්ම මව් තෙරේසා තුමිය, ක්‍රිස්තියානි කන්‍යා සොයුරිය, අපේ ගමේ උපාසිකා අම්මාගේ වස්ත්‍රය ගෙන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. මේ ආකාරයෙන් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ගෞරවය රැක ගැනීමට දෙවියන්ගේ අණට කීකරුව තමන්ගේ වස්ත්‍රය සකසා ගැනීම් පිළිබඳවද අවලාද නැගීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැත.

නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක අශිෂ්ට ලෙස ඇඳුම් ඇඳීම නිසා නොයෙකුත් ප්‍රශ්න මතුවීමට ඉඩ ප්‍රස්තා වැඩිය. උදාහරණයක් ලෙස අප පෙර කියූ පරිදී හින්දු පුද්ගලයකු කරාබු ජෝඩුවක් පැලඳීම ප්‍රශ්න කල නොහැකි අතර තමන්ගේ දරුවෙක් යුරෝපනුවන් තමන්ව සමලිංගිකයන් යනුවෙන් හඳුන්වා දීමට පැළඳ සිටින එක කනකට පමණක් කරාබුවක් පැළඳීම තහනම් කිරීමට පියෙකුට කල හැකිය. එය අපේ සංස්කෘතිය අදාළ නොවන අපගේ ජීවන ක්‍රමයට අදාළ නොවන අපෙන් වැඩි පිරිසක් අනුමැත නොකරන දෙයක් හැටියට සැලකිය හැකිය. ඒ ආකාරයෙන්ම තරුණ කාන්තාවක් බිකිනියක් ඇඳගෙන ප්‍රසිද්ධියේ ගමන් කිරීම ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. හේතුව අපේ සමාජයට එය නොගැලපෙන දෙයකි.
කෙසේ වෙතතත් සමාජ සංස්කෘතිය හැදියාව පිලිබඳ කිසිම තැකීමක් නැති තමන් ගෙන පමණක් සිතන අයටනම් අප පෙන්වාදුන් කරුණුවලට එකඟ විය නොහැක. එයට ඔවූන්ගේ බුද්ධි මට්ටම, පවුල, වටාපිටාව, ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන් හා සමාජය බලපාන බව අපේ අදහසයි. ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල්කරගෙන ක්‍රියාකරන්නන්ටද මෙය ජීරණය කල් නොහැකි බවද අපි දනිමු.

අප රැකියා කරන ස්ථානයේ ඔවුන්ට ආවේනික වූ ඇඳුම් විලාශය එනම් ඩ්‍රෙස් කෝඩ් (Dress Code) අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය. එය පුරුෂයන් වේවා ස්ත්‍රීන් වේවා සියල්ලන්ටම පොදුය. එසේ එය පිළිගනු නොලබන්නේ නම් එයට පටහැනිව ඇඳුම් අඳින්නේ නම් ඔවුන්ට ප්‍රථමයෙන් උසස් නිලධාරියකුගේ අවවාදයට සවන් දීමට සිදුවන අතර නැවත නැවත එයට විරුද්ධ වූ විට අවවාදාත්මක ලිපියක් ලැබෙනු ඇත. ඔහු විසින් ආයතනයේ නීති රීතිවලට අවනත වීමට නොහැකිනම් ඔහුට එම ආයතනයේ තවදුරටත් රැකියා කල් නොහැකි තත්වයක් උදාවනු ඇත. කෙනෙකුට මෙය තමන්ගේ පෞද්ගලිකත්වය යනුවෙන් කිව නොහැකිය.
මේ ආකාරයෙන්ම අසෝබන ලෙස ඇඳුම් පළඳින්නන්ව සමාජය විසින් නිවැරදි කිරීමක් කල් හැකි අතර එසේ ඔහු හෝ ඇය අවනත නොවන කල සමාජය විසින් ඔවුන්ව බැහැර කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.
දිනක් අපගේ මිත්‍රයකුවන A බසයක නැගී වැල්ලවත්ත සිට කොල්ලුපිටියට ටිකට් පතක් ගෙන ඉදිරියට පැමිණ සිටගෙන ගමන් ගත්තේය. ඔහු අසල අසුන් ගෙන් සිටි තරුණ කාන්තාවක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන් සිටි අතර එතුලින් ඇයගේ ළැම ප්‍රදේශය ප්‍රදර්ශන වන ආකාරයට විශාල ලෙස කර පෙදෙස පහලට වන සේ ඇඳුම සකස්වී තිබිණ. විටින් විට ඇය ළැම ප්‍රදේශය වසා ගැනීමට තෙත් කල අතර එසේ නොහැකි වූ කල එම A ගේ මුහුණ රවන්නට පටන් ගත්තේය. මේ කිසිවක් නොදන්නා A පුදුමයට පත්විය. නැවතුම් පොළවල් දෙකක් පමණ පසුවෙත්ම මෙම කාන්තාව A දිහා බලා මෙසේ පැවසුවා.
"මොකෝ තමුසෙට ඉස්සරහට යන්න බැරිද" මෙය ඇසු විට A තවතවත් විශ්නුම්භුත විය. සිදුවන දේ වටහා ගත නොහැකි විය. A පුදුමයෙන් එම කාන්තාව දිහා බැලුවේය. එවිට එම කාන්තාව
"තමුසෙට ලේජ්ජ් නැද්ද මෙතනම බල බල ඉන්නේ" යනුවෙන් පැවසූ විටයි ඔහු සිදුවන දේ වටහා ගත්තේ.
එවිට එක පාරටම ක්‍රියාත්මක වූ ඔහු ශබ්ද නගා මෙසේ පැවසුවා.
"ඇඳගෙන ඉන්නේ XX (ගණිකාවක්) වගේ කතා කරන්නේ පත්තිනි අම්මවගේද"
එයින් ලැජ්ජාවට පත් ඇය වහාම එම ස්ථානයෙන් නැගිට ඊළඟ නැවතුම් පොලේ බසයෙන් බැස ගියාය. එවිට එම බසයේ ගමන් කල මගීන් ඕකිට හොඳ වැඩේ යනුවෙන්ද තවත් සමහරු අසභ්‍ය වචනවලින්ද ඇයට බැනවදින්නට විය.

මෙහිදී අප මිත්‍රයා කතා කල විලාශ නිවරදි යනුවෙන් එය සාධාරණිකරණය නොකරන අතර මේ සිදුවීමට හේතුව ඇයගේ ඇඳුම් විලාශය බව නම් ඉතා පැහැදිලිය. ඒ ආකාරයෙන්ම සමහර ස්ත්‍රී දුෂණ විශ්ලේෂණ කර බැලීමේදී පුරුෂයාගේ කාමාශාව උද්දීපනය වන ආකාරයට නැත්නම් උසි ගන්වන ආකාරයට දුෂණයට ලක්වූ එම ස්ත්‍රීය ඇඳුම් ඇඳගෙන සිටීම යනුවෙන් පැහැදිලිව පෙනී යන කරුණකි.
නමුත් මුස්ලිම් කාන්තාවට නම් එවැනි ප්‍රශ්නයක් නැත. ඒ වගේම එසේ තමන්ගේ ශරීරය අන්‍යය පුරුෂන්ට නොපෙන්වා සිටීම ඇයගේ උරුමයකි.
No comments:
Post a Comment