Saturday, January 26, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): Gossip9.com - බුද්ධ බාර් වැටලීම ප්‍රවෘතිය සම්බන්ද විමසුමක්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
Gossip9.com - බුද්ධ බාර් වැටලීම ප්‍රවෘතිය සම්බන්ද විමසුමක්
Jan 26th 2013, 13:42


Gossip9.com - බුද්ධ බාර් වැටලීම ප්‍රවෘතිය සම්බන්ද විමසුමක්



සහෝදර බෞද්ධ ජනතාවනි,

බුද්ධ බාර් කියන මතය නැත්නම් සංකල්පය වැරදි අසොබන් දෙයක්. හේතුව බුදුරජානන් වහන්සේ සුරාව සුදුව හා කාමයේ වරදවා හැසිරීම මහා පාපයක් ලෙස නිර්වචනය කරතිබෙන අතර බෞද්ධයින් එයින් වැලකී සිටීමට සැමදාම උදේ පහන් පත්තුකර පන්සිල් පදවලින් එසේ නොකරන බව බුදුන් ඉදිරියේ සහතිකවේ. එසේ තිබියදීත් සමහර නින්දිතයින් මුදල් පමණක් ජීවිතය කර ගත් අමන පුද්ගලයින් මේ උත්තම ගෞතම බුදු රජාණන් වහන්සේට අගෞරව වන පරිදී මෙවැනි දේවල් සංවිධානය කිරීම් නැවැත්වීමට බොදුබල සේනාව කල ක්‍රියාව පැසසුමට ලක් කල යුතුමය.

ඒ වගේම මෙම හෝටලය අයත් වන්නේ යුරෝපා ආයතනයකටවන අතර  ලංකාවේ මේ සඳහා හවුල් වී කටයුතු කරන්නේ ජෝන්ස් කීල්ස් ආයතනයයි. ඔවුන් දැනටමත් එහි වගකීම මෙම හොටලේයේ කළමනා කරුවන්ගේ කර මත දමා ඇතිබව පැහැදිලිය. එයින් ලැබෙන ලාභය පමණක් භුකිතිවිදීමට දන්නා මොවුන්ට මේ පිළබඳව කිසිවක් නොදන්නා බව පැවසීම විශ්වාස කල හැකිද යන්න ඔබම සිතා බැලිය යුතුය.
ඊළඟ වඩාත් වැදගත් දේ මෙම හෝටලයේ කාර්ය මණ්ඩලයෙන් 80% සිංහල බෞද්ධයන්ය. මොවුන් සියලු දෙනා එක්ව මෙයට විරුද්ධ විය යුතු නොවේද? එසේ ඔවුන් විරුද්ධවූ බවක් දක්නටනට නැත.
එකම එක මුස්ලිම් නමක් ඇති පුද්ගලයෙක් කළමනා කරුවකු වූ පලියට මුස්ලිම් සමුහය වෙත ඇඟිලි දික්කිරීම සාධාරනධ යන්නත් ඔබට තීරනය කරන්න ඉඩ හරිමි.

මෙම ප්‍රදේශයේ මුස්ලිම්වරු වැඩිවශයෙන් ජීවත්වීම මුස්ලිම්වරුගේ වැරැද්දක්ද යන්නත් ඔබම තීරණය කරගන්න.

ඉස්ලාම් ධර්මය අනුව වුවද  සුරාව සුදුව හා කාමයේ වරදවා හැසිරීම මහා පාපයක්වන අතරම ඒ සඳහා උපරිම දඬුවම් ද නියම කර ඇත. නමුත් ලංකාවේ පවතින වාතාවරණය හා අක්‍රමිකතාවන් හේතුකොටගෙන මෙම අපරාධ වර්ධනය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. මෙයට සමස්තයක් වශයෙන් ලංකා වාසී සියලුම අය වගකිවයුතුය. (හේතුව පාර්ලිමේන්තුවට නියෝජේතයන් යවන්නේ අප වන බැවිනී.)

බුද්ධ බාර් හි එකම එක නාමික මුස්ලිම් වරයකු (මුස්ලිම්වරුන් වන අපට සුරාව සම්පුර්ණයෙන් තහනම් වන අතර ඒ සඳහා උදව් කිරීම, ගණන් බැලීම ප්‍රවාහනය කිරීම යනාදී සියල්ලක්ම හරාම් හෙවත් තහනම්වේ) සිටීම මුල්කරගෙන ඉතා අසෝබන ලෙස අසික්කිත ලෙස ආගමික නායකයාට හා ආගමට අවලාද කිරීම බුද්ධියට මුල්තැන දිය යුතු මධ්‍යස්ථභාවය උගන්වාදුන් බුදුන්ගේ මාර්ගය තමන්ගේ මාර්ගය කරගත් අයට ඔබින දෙයක්ද යන්නත් ඔබම තීරණය කල යුතුය.

සමහර මුස්ලිම් අය ඉස්ලාමයට කළු පැල්ලම් ඇතිරන අකාරයෙන් ක්‍රියාකිරීම නිසා සියලුම මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ විශ්වාසයට ගැරහීම බුද්ධිගොචරද යන්නත් ඔබම තීරණය කර ගත යුතුව ඇත.

යම් කෙනෙකු කියූ පලියට පත්තරයක දැකපු පලියට හදිසිතිරණ ගැනීමට වඩා ඒ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කර කරුණු අවබෝධ කර ගැනීම ඉතා වටිනා අතර නිවැරදි තීරණ ගැනීමටද එය රුකුලක්වේ.

ඔබ සැමට දෙවියන්ගේ ආශීර්වාදය කරුණාව හා දයාව ලැබේවායි ප්‍රර්ථනා කරමු.

http://islaamaya.blogspot.com/2012/11/cut-paste-copy-paste.html

මෙයට

islamaamaya.blog. spot

සටහන : කවුරු හෝ කෙනෙකු අපගේ බ්ලොග් අඩවියේ තිබු ලිපියක කොටසක් කොපිකර මෙහි පේස්ට් කල බැවින් අපගේ බ්ලොගයට පැමිණි සමහරු ඉතාමත් නින්දිත ලෙස අසැබි වචන පාවිචි කර අපට බැනවදින්නට පටන්ගෙන ඇත. මොවුන්ට ආගමක් ධර්මයක් නැති බව හා මොවුන් මන්ද බුද්ධිකයන් බව අපි දනිමු.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment