මුහම්මද් නබි තුමාගේ යහපත් ගති පැවතුම් වලින් සමහරක්
බරට බරේ බඩු පුරවා ගත් මලු දෙකක් සමඟ මහලු ආත්තම්මා කෙනක් ඉතා අමාරුවෙන්, ඒ උනුසුම්වූ කාන්තාරයේ වැලි මත වැනී වැනී ගමන් කරමින් සිටිනා දුටු මිනිසෙක් වහා ඒ මහලු කාන්තාව වෙතට ගොස් තමන් මෙම මලු දෙක නිවස තෙක් උසුලා ගෙන දෙන බව පවසා සිටියා. එවිට ඒ ආත්තම්මා මම ගොඩාක් දුර යන්න තියෙනවා දරුවා............. ඔබ කුමටද මහන්සි වෙන්නේ....... යනුවෙන් කියූ විට, මට කිසිම මහන්සියක් නැහැ මම ගෙනත් දෙන්නම් යනුවෙන් පවසා එම මලු දෙකම එම පුද්ගලයා අතට ගෙන ඉදිරියට ගමන් කරන්නට විය. ටික දුරක් යන විට පාලු ගතිය යන්නත් එක්කම ඒ අත්තම්මා, පුතා ඔයා වගේ මේ තරම් හොඳ අය ඉන්න බව, මම නම් දැකලා නැහැ, මටත් මළුවක් දෙන්න.... යනුවෙන් පැවසූවා. මට මේක ගේන්න පුළුවන් යනුවෙන් පැවසූ ඒ මිනිසා ඉදිරියට ගමන් ගත්තා. එවිට ඒ මහලු අත්තම්මා පුතේ දන්නවාද ආරංචියක්, මේ ගමේ කෙනක් ඉන්නවා, අපේ මුතුන් මිත්තන් අදහන දෙවිවරුන් බොරු බවත් පිළිම වන්දනා කිරීම පාපයක් බවත් පවසන්වාලු. මං හිතන්නේ ඒ මිනිහට පිස්සු, දරුවා ඔයා දන්නවාද, ඒ මිනිහගේ වටේ ඉන්නේ දුපපත් අයයි වහලුන් විතරයි. හැබැයි ඒ මිනිහා හරි සාස්තරකාරයෙක් වෙන්න ඇති කවුරු ගියත් ඉක්මනට ඔහුට වශී වෙනවාලු. ඒ මිනිහටයි දෙවියන්ටයි සම්බන්දයක් තියෙනවාලු. ඔහුට දේව පණිවුඩ ලැබනවාලු. ඒවා මම නම් විශ්වාස කරන්නේ නැහැ. පුතා ඒ සාස්තරකාර මිනිහා මේ ළඟ පාතක ඉන්නවා කියලයි කියන්නේ, ඔය පුතා පරෙස්සමෙන්......... ඒ මිනිහා ලඟට යන්න එපා.
මේ වනවිට එම ආත්තම්මගේ නිවස ලඟා වූ අතර, මේ තියෙන්නේ අපේ ගේ කියාගෙන ඒ ආත්තම්මා නිවස තුලට ගියාය. නැවත එලියට පැමිණි ඒ අත්තම්මා මෙම පුදගලයාව සොයන්නට විය. අසල සිටි තම මුණුබුරාගෙන් කෝ මේ බඩු ටික උස්සන් ආපු ඒ පුතා, හොඳ ළමයෙක්. ගොඩාක් දුර ඉඳලා මගේ මේ බර මලු දෙක අරගෙන ආවා. අඩුම ගානේ ස්තුතියක් වත් කියන්න බැරිවුනානේ. පුතා දන්නවාද ඔහු කවුද කියලා, එයට මුණුබුරා ඔව් ඒ මුහම්මද් යනුවෙන් පිළිතුරු දුන්නේය. මවිතයට පත් ඒ මහලු කාන්තාව ........මොනවාද ඔබ කියන්නේ ............මේ තරම් හොඳ මනුෂ්සයෙක්ද මුහම්මද් ..........යනුවෙන් ඇසුවාය.. ඔව් අත්තම්මේ ඒ මුහම්මද් තමා යන්වෙන් නැවතත් ඔහු පිළිතුරු දෙන්නට විය. අසරණයන්ට උදව් කරන ............ඒ වෙනුවෙන් කිසිවක් බලා පොරොත්තු නොවන......... මේ මනුස්සයා ගෙනද මිනිස්සු මෙතරම් බොරු කියන්නේ............. වහාම මා මුහම්මද්ව මුණගැහැන්න ඕන යනුවෙන් ඒ ආත්තම්මා පැවසීය.-------------------------------------------------------------------------------------------------------------------
දිනක් මුහම්මද් නබි තුමා පාරක් අසලින් ගමන් කරමින් සිටිනවිට එක් මැහැල්ලියක් කුණු කුඩයක් ගෙන එහි තිබු කුණු ටික මුහම්මද් තුමාගේ ඇඟට විසිකරන ලදී. එවිට කිසිවක් නොපැවසූ මුහම්මද් තුමා තමන්ගේ පාඩුවේ එම ස්ථානයෙන් ඉවත් විය. දෙවැනි දවසේද එම ස්ථානයට ලඟාවෙත්ම මේ මැහැල්ලිය කුණු කුඩ ප්‍රහාරයක් මුහම්මද් නබි තුමා වෙත එල්ල කරන ලදී එවිටද, එතුමා ඉතා නිහතමානීව එම ස්ථානයෙන් ඉවත් විය. මෙම ක්‍රියාව පුරුද්දක් ලෙස කරගෙන හා එම වයසක කාන්තාව දිනක් එම ස්ථානයේ නොසිටීයාය. මේ ගැන විමසු විට ඇය අසනීපයකින් පසුවන බව දැනගන්නට ලැබුණී. මුහම්මද් නබි තුමා වහාම ඇගේ නිවසට ගොස් සුවදුක් විමසුහ. එවිට එම වයසක කාන්තාව මේසා උත්තමයකුට මා අසික්කිත අසෝබන විදියට වධ දුන්නෙමි. යනුවෙන් පවසා නබිතුමාගෙන් සමාව ගෙන ඉස්ලාම් ධර්මය වැළඳ ගත්තාය.-----------------------------------------------------------------------------------------------------------------
ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රියා කලාපය මක්කා නගරයේ වැඩිවෙත්ම තමන්ට හා තම අනුගාමිකයන්ට සුදුසු පරිසරයක් සොයා මුහම්මද් නබි තුමා තායිෆ් නම් නගරය බලා ගමන් කළහ. මෙය දැනගත් මක්කාවේ ඉස්ලාම් විරෝධී කුරෛෂිවරු මෙතුමා පිළිබඳව බොරු චෝදනා ඉදිරිපත් කර ඔවුන්ව උසි ගන්වන ලදී. ඒ අනුව තායිෆ් නගරයට පැමිණීමට පෙර නබි තුමාට විරුද්ධව කණ්ඩායමක් සකස් කර තබන ලදී. මුහම්මද් නබි තුමා නගරය තුලට පැමිණෙත්ම කුඩා දරුවන් ලවා මෙතුමාව පිස්සෙකු මෙන් එලව එලවා ගල්මුල් වලින් පහර දෙන දුන්හ. මෙයින් බේරීමට මුහම්මද් තුමා එම ස්ථානයෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගත්තේය. මෙසේ අධික ලෙස තුවාල වී පිඩාවට පත් නබි තුමා එක් උද්‍යානයක් ළඟ ගහකට හාන්සිවී ඉතා වේදනාවෙන් සිටින විට එම ස්ථානයට පැමිණි දේව දුත ජිබ්රීල් තුමා නබි තුමාට මෙම අපරාධය කල තයිෆ් නගරවාසින්ව විනාශ කර දමන බවද ඒ සඳහා දේව දුතයින් විශාල සංක්‍යාවක් තයිෆ් නිම්නය දෙපස ඇති කඳු දෙපස සිටින බව පැවසුහ. එවිට මුහම්මද් තුමා ඔවුන්ට තමන් විසින් සමාව දුන් බවත් ඔවුන් නැත්නම් ඔවුන්ගේ මතු පරම්පරාව ඉස්ලාම් ධර්මය පිලිගනීවී යනුවෙන් පවසා ඔවුන්ට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටියහ. නබිතුමාගේ ප්‍රාර්ථනාව හා බලාපොරොත්තුව එසේම ඉටුවිය. එනම් තයිෆ් නගර වාසින් සියලු දෙනාම ඉස්ලාමය වැලඳ ගත් අතර අද සවුදි අරාබියේ ඔවුන් ආගන්තුක සත්කාරයට හා යහපත් ගති පැවතුම්වලට නම ගිය යහපත් පිරිසක් බවට පත්වුහ.-------------------------------------------------------------------------------------------------------------------
නබි තුමාගේ රුවන් වැකි සමහරක්.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් තුමා දන්වයි. මම නබි තුමාගෙන් අල්ලාහ්ට වඩාත් කැමති යහපත් ක්‍රියාව කුමක්දැයි ඇසුවෙමි එවිට නබි තුමා "නැමදුම නිසි වෙලාවට ඉටු කිරීම" යනුවන් පැවසුහ.ඉන්පසු කුමක්දැයි ඇසුවිට "දෙමව්පියන් සමඟ හොඳාකාරව හැසිරීම" යැයි පැවසුහ. (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
මිනිසෙක් නබි තුමා වෙත පැමිණ, "නබි තුමාණෙනි! මා හොඳාකාරව කටයුතු කිරීමට වඩාත් සුදුසු වන්නේ කවරකුද" යන්නෙන් ඇසුහ. නබිතුමාණෝ, "නුඹගේ මව' යැයි පැවසුහ, ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, එයටද නබිතුමාණෝ, "නුඹගේ මව' යැයි පැවසුහ. ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, තෙවන වතාවටත් නබිතුමාණෝ, "නුඹගේ මව' යැයි පැවසුහ. ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, එයටද නබිතුමාණෝ, "නුඹගේ පියා' යැයි පිළිතුරු දුන්හ. (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
"කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු ආගන්තුකයින්ට සංග්‍රහ කල යුතුය. කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු නෑදෑයින් සමඟ සමඟියන් ජීවත් විය යුතුය. කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු හොඳ දේම කතා කල යුතුය නැත්නම් නිහඬව සිටිය යුතුය." (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
කවරෙක් තම ජීවන අවශ්‍යතා සඳහා ලැබීම් (රිස්ක්) වැඩි කර ගැනීමට හා තම ආයුෂ වැඩි කර ගැනීමට කැමති වන්නේද, ඔහු නෑදෑයින් සමඟ සමඟිව ජීවත් විය යුතුය. (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
"උපකාරයට ප්‍රති උපකාර කරන්නා සමඟියන් ජීවත් වන්නා නොවේ. සත්‍ය වශයෙන්ම, සමඟියන් ජීවත් වන්නා, නෑදෑයින් ඔහුව කොන්කළද ඔවුන් සමඟ සමඟියන් ජීවත්වන්නාවේ" (ග්‍රන්ථ : බුහරී)
------------------------------------------------------------------------
"කෙනෙක් තවත් කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර , කෙනෙක් තවත් කෙනෙකුට අසාධාරණයක් නොකර සිටින තරමට ඔබලා එකිනෙකා අතර යටහත් භාවය පිළිපදින්න යැයි අල්ලාහ් මාහට දේව පණිවුඩ පහළ කළේය" (ග්‍රන්ථ : මුස්ලිම්)
මුහම්මද් සෆීන්.
අඳුරෙන් ආලෝකයට පළමු කොටස
http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html
අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස
http://islaamaya.blogspot.com/2012/12/blog-post.html
No comments:
Post a Comment