Wednesday, July 10, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මුස්ලිම් කාන්තාවන් වසා ගැනීම ඔබට ප්‍රශ්නයක්ද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail මුස්ලිම් කාන්තාවන් වසා ගැනීම ඔබට ප්‍රශ්නයක්ද?
Jul 10th 2013, 12:11, by noreply@blogger.com (Srilankan Harmony)
























හිජබ් සහ නිකාබ් අද සමහර අගම්භේද ඇති කරන උන්මත්තකයන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන බව ෆේස් බූක් වැනි සමාජ අඩවිවල නිරතුරුවම දක්නට ලැබේ. එපමණක් නොව සමහර සේනා එනම් තමන්ව නිල නොවන පොලීසිය ලෙස හඳුන්වනු ලබන අන්තවාදී කණ්ඩායම් තමන්ව ප්‍රසිද්ධ කර ගැනීම සඳහා සටන් පාඨයක් ලෙස මෙය යොදාගෙන තිබේ. අප සැමවිටම අවධාරණය කරන ප්‍රධාන තර්කය වන්නේ යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳව කරුණුකාරණා සොයා බලා නිවැරදි ස්ථාවරයක සිට නියමාකාරව තමන්ගේ මතය ඉදිරිපත් කලයුතු යන්නය. කිසිම ආගමික දැනුමක් හෝ නොමැතිව තමන්ගේ හඬ උස්කර කතාකල පලියට යමක් නිවැරදි වේ යයි සිතීම අණූන නැත්නම් නුගත්කම ප්‍රදර්ශනය කරන්නකි.

හිජාබය සහ නිකාබය මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය වන අතර එය තෝරාගැනීමේදී එම මුස්ලිම් කාන්තාවට පාදකවූ කරුණු කාරණා කුමක්ද යන්න විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණවේ. 

"තවද ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත්, ඔවුන්ගේ රහස් අංගයන් ආරක්ෂා කරන ලෙසත් විශ්වසික පුරුෂයන්ට කියනු එය ඔවුනට වඩාත් පිවිතුරුය. ඔවුන්කරන දෑ නියතවශයෙන්ම අල්ලාහ් මැනවින් දනී"

ඉහත ශුද්ධ වූ කුරානීය පාඨය පුරුෂයින් උදෙසාය. 

පළවැනි බැල්මට පසුව දෙවැනි බැල්මක් නොහෙලන්න, පළමුවැනි බැල්මට සමාව දිය හැකි නමුත් දෙවැන්නට බැරිය. යනුවෙන් මුහම්මද් නබි තුමා පවසන්නේය. මෙයින් පැහැදිලි වන්නේ පිරිමයා ඔහුගේ පෙනුම හිජාබයක් කල යුතු බවය. 

ඉහත සඳහන් වාක්‍යත් සමග ඊළඟට එන වාක්‍ය පහත පරිදී වේ. 

"එසේම ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත්, ඔවුන්ගේ රහස් අංගයන් ආරක්ෂා කරන ලෙසත්, තමන්ගේ අලංකාරය, එයින් (නිරායාසයෙන්ම) බැහැර දෑ හැර, එළිදරව් නොකරන ලෙසත් විශ්වාසික ස්ත්‍රීන්ට කියනු. තවද ඔවුන් තමන්ගේ මුහුණ වැස්ම තමන්ගේ ළය පෙදෙස මත දැමිය යුතුය"

මෙම වාක්‍ය ස්ත්‍රී පක්ෂය අන්‍ය පිරීමියෙකු ඉදරියේ කෙසේ හැසිරිය යුතුද යන්න පැහැදිලි කරයි. අල්ලාහ්ගේ අණට කීකරුවන අල්ලාහ්ට පමණක් අවනත වන ඉස්ලාමීය කාන්තාවක් අන්‍ය පිරීමීන් ඉදිරියේ හැසිරෙන්නේ සංවරවහා තමන්ගේ විනීතභාවය රැකන ආකාරයටය. 

මානසික විද්‍යාව පරිදී, පිරිමියකුගේ ලිංගික උද්දීපනය ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණය වන්නේ ස්ත්‍රීයක් දැකීමෙන්ය. එසේ නොවන අය නැතුවා නොවේ. නමුත් සමස්තයක් වශයෙන් එසේ වීමේ ප්‍රවනතාවය ඉතා අධිකය. ස්ත්‍රීයකගේ අංග ලක්ෂණ දැකීමෙන් පිරිමියා ලිංගිකව උද්දීපනයවේ. එය නරක දෙයක් වශයෙන් සඳහන් කල නොහැක. හේතුව මානව සංහතියේ විස්තීරනයට හා පැවැත්මට ප්‍රජනය අත්‍යවශ්‍ය අංගයකි. ප්‍රජනය සිදුවන්නේ ඒ සඳහා මානවයා යොමුකිරීමෙන් පමණය.

නමුත් සමාජ සම්මතය සහ යහපත් ජීවන පැවැත්මක් තිබෙන සමාජයක මෙම ලිංගිකත්වය යම් ක්‍රමානුකුල සම්මතයකට අනුව කිරීමේ ඉඩප්‍රස්ථා ලබාදී තිබේ. ඒ අනුව එය විවාහයක් මගින් සිදුවේ. විවාහයකින් එහා සිදුවන ලිංගික ක්‍රියාවලිය අසම්මත වන අතරම නීත්‍යානුකුලද නොවේ. 

ඒ අනුව මානවයාගේ හැගීම් පාලනය කිරීමට නොයෙකුත් ක්‍රියා මාර්ග ඉස්ලාමය විසින් හඳුන්වා දී තිබේ. එය ප්‍රධාන වශයෙන් මිනිස් ස්වභාවයට හා නිදහසට අනුව පුළුල්ව විස්තාරණය වී ඇත. ඒ අනුව ස්ත්‍රීයකගේ වස්ත්‍රය සකසා ගත යුතු ආකාරය හිජාබයට අනුව සිදුවිය යුතුය. මෙය මැවුම්කරුවාට අවනතවන ස්ත්‍රීයකගේ අයිතියකි. තමන්ගේ ශරීරයේ පාලනය එනම් අනුන්ට තමන්ගේ ශරීරයේ විනිවිදභාවයේ පාලනය එම ස්ත්‍රීය සතුය. 

හිජබ් යනු ස්ත්‍රීයකගේ විනීතභාවය රැකෙන සම්පුර්ණ වස්ත්‍රයකි.

විනීතභාවය විශ්වාස වන්ත ස්ත්‍රීයකට තිබිය යුතු අනිවාර්ය අංගයකි. විනීතව හැසිරීම, විනීතව කතා කිරීම සහ විනීතව තම වස්ත්‍රය සකස් කර ගැනීම මුස්ලිම්වූ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පිළිපැදිය යුතු ආගමික වතාවත්වේ.

මුහම්මද් නබි තුමා මෙසේ පැවසුහ, 

විශ්වාසය ශාකා හැටකට වඩා පැතිර පවතින අතර ලැජ්ජාව එහි එක් ශාකාවකි. (බුහාරි)

මෙම හිජාබය වලංගු වන්නේ අන්‍ය පුරුෂයන් ඉදිරියේ පමණක් වන අතර තමන්ගේ නෑදෑ හිතවතුන් ඉදිරියේ සාමාන්‍ය ලෙස තමන්ගේ වස්ත්‍රයක් ප්‍රමාණවත්ය. එය අල කුරානයේ පහත පරිදී සඳහන්ව ඇත

" තවද තමන්ගේ පුරුෂයින්ට හෝ තමන්ගේ පියවරුන්ට හෝ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ තමන්ගේ පුත්‍රයින්ට හෝ තම ස්වාමි පුරුෂයින්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ සොයුරන්ට හෝ තමන්ගේ සොයුරන්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ ස්ත්‍රීන්ට හෝ තමන්ගේ දකුණත හිමිකරගත් අයට හෝ පිරිමින්ගෙන් ලිංගික ආශාවන් නැති උපස්ථායිකයින්ට හෝ ස්ත්‍රීන්ගේ රහස් අවයව ගැන දැනුමක් නැත බිලිඳුන්ට හෝ මිස තමන්ගේ අලංකාරය හෙළිදරව් නොකළ යුතුය"

ඉස්ලාමයට අනුව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සමානයි:

• සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ඉදිරිපිට සමානයි.

• නීතිය ඉදිරිපිට සමානයි.

• ක්‍රියා අනුව පලවිපාකද සමානයි.

මේ අනුව හිජාබය වූ කලී හුදෙක් මානව යහපත සඳහාම වන අතර එයින් කිසිම පාර්ශවයකගේ නිදහස උල්ලංඝනය වීමක් සිදු නොවේ. මෙය සියල්ලට වඩා ආගමික සංකේතයක් වන අතර ඇයගේ නාථයා වන සර්ව බලධාරී අල්ලාහ්ට අවනතවීම සහ ඇය හා සත්‍ය මර්ගය වන ඉස්ලාමයට ඇති සම්බන්ධය පිළිඹිබු කරන සලකුණක් ලෙස හිජාබ්යට ප්‍රධාන ස්ථානයක් ලබා දිය හැකිය.

ඉස්ලාමය තුල ස්ත්‍රීන් - පිරිමීන් මෙන්ය.

Ø අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය.

Ø ව්‍යාපාර කටයුතුවල නියුතුවීමේ අයිතිය.

Ø රැකියා කිරීමේ අයිතිය.

Ø සමාජමය කටයුතුවල නියලීමේ අයිතිය. 

Ø පවුලේ අනන්‍යතාවය රැකගැනීම සඳහා පවුලේ වාසගම තබා ගැනීමේ අයිතිය

Ø දේපලවල අයිතිය තමන් සතු කරගැනීම.




ඉහත සඳහන් සියලුම අයිතිවාසිකම් ගැහැණිය සතුය. ඒ අනුව හිජාබ් සංකල්පය තුල කිසිම පුරුෂාධිපත්‍යයක් අල්ප මාත්‍රයක්වත් නැති අතර අතුරු පලයක් ලෙස හුදෙක් එය පුරුෂයන්ව පාපයෙන් මුදවා ගැනීමක්වේ.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment