Friday, June 21, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය
Jun 21st 2013, 20:50

Friday, 21 June 2013 13:09 0 Comments
E-mailPrintPDF
"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා
නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.
උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය. 
ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය.
ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.
අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.
ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.
ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය.
ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපය සුණු විසුණු කර දැමූ දිල්කා සමන්මලී එහිමියන් දියෙන් ගොඩ දැමූ අසරණ මාළුවකුගේ තත්වයට පත් කළේ ය.
ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපයට තරගකාරී වූ භික්ෂූන් දැන් හතර අතින් බිහි වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාවට හා සිවුරට මුවා වෙමින්, මුස්ලිම් විරෝධය, ගව මස් විරෝධය වැනි ඉතා පහසු සටන් පාඨ ඔසවාගෙන හතු පිපෙන මේ බොල් මොබ් තාරකාවන්ට අඹරේ බැබළිය හැක්කේ ඉතා කෙටි කලකි. ඉන් පසු ඒවා දැවී ගිය බකට් පහන් බවට පත් වේ.
කෙසේ වෙතත්, සිය අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බලමින්, වඩා පරිණත, නව ප්‍රතිරූපයක් ගැන සිතා බලන්නට ඥානසාර හිමියන්ට මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි ය. හාමුදුරුවනේ, අපි හැමදාම කොල්ලෝ නෙමෙයිනේ. බලන්න අර රතන හාමුදුරුවෝ දැන් කොයි තරම් පරිණත වෙලා ද? දැන් එහිමියෝ හුදු විරෝධතාවාදියෙක් නොවෙයි. අනාගතේ භාර ගන්න පුහුණු වෙන ආධුනික පාලකයෙක්. ඒ වගේ දැන් ටිකක් සන්සුන් වෙන්න. දැන් මූලික පදනම හැදිලා නේ තියෙන්නේ.
නැතිනම් අපරාදේ ඔය සරීරෙ? 
- w3lanka.com

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment