Thursday, December 20, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස
Dec 20th 2012, 22:03


අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස

ගෝත්‍ර වාදය, මමත්වය හා මේ කෙටි කාලීන ජීවිතය සඳහා වස්තු තණ්හාව ඇති කරගෙන  මේ ලෞකික් ජීවිතයට අසීමිත ලෙස ප්‍රේම කරන වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරිචච මනසිකත්වකින් යුක්ත මනුෂ්‍යයන් රජකරන කාලයක ජීවිතයේ අර්ථය පහදාදීම යනු සුළු පටු කාර්යයක් එනම් නොවේ. සමාජ සෝදකයන්, දාර්ශනිකයින්, හා බුද්ධිමතුන් කොපමණ සිටියත් ජිවිතයේ යථාර්තය පටු හදහස්වලින් අන්ධකාර වූ සමාජ තලයක සිටින්නවුන්ට පහදා දීම අහසට පොළොව මෙන්ය.




(අඳුරෙන් ආලෝකයට පළමු කොටස - http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html )

මිනිස් සංහතියේ උන්නතිය හා යහ ජීවනය තකා අල්ලාහ් දෙවියන්ගෙන් ලැබුණු අල්කුරානයේ ප්‍රථම වාක්‍ය එනම් කියවනු යන ශබ්දය ඇසීමත් සමඟ තිගැස්සුණු මුහම්මද් තුමා හැරී බලනකල එතුමාට දර්ශනය වුයේ මහා විශාල රූපයකි. තවදුරටත් භීතියට පත් මෙතුමා අසලට මෙම විශාල රුපය ලංවීමට පටන්ගත් අතර මෙම විශාල පුද්ගලයාගේ රූපය දෙස විශ්මයෙන් බලන්නට විය. මෙම නුපුරුදු කිසිදාක නොදුටු මෙම විශාල මිනිසා ලංවී පැවසුවේ කියවන්න යනුවෙනි. ලිවීමට හෝ කියවීමට නොදත් මෙතුමා තමන්ට කියවීමට නොදන්නා බව පැවසුවද එම පුද්ගලයා නැවත නැවත කියවනු යනුවෙන් පැවසීමත් සමඟ මුහම්මද් තුමා කියවීමට නොදනිමි යනුවෙන් පිළිතුරු දුන්හ. එවිට එම පුද්ගලයා මෙතුමාව තදකර අල්ලාගෙන පහත අල්කුරානයේ වාක්‍යයන් කියවන්නට පටන් ගත්හ.

96.1 (සියලු දෑ) මැවූ ඔබේ රක්ෂිතයාගේ නාමයෙන් කියවන්න.
96.2 ලේ කැටියකින් (අලක්) මිනිසා මැවුවේය. *1
96.3 – 4 කියවන්න! පෑන මගින් ඉගැන්වූ ඔබේ රක්ෂිතයා මහත් පරිත්‍යාගශීලීය.
96.5 මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය.


ඉන්පසු එම මිනිසා නොපෙනී ගිය අතර මේ අලුත් අත්දැකීමෙන් බියට පත් මුහම්මද් තුමා තමන්ගේ ආදරණීය බිරිඳගේ නිවසට ගොඩවිය. බිරිඳ අමතා තමාව පොරවන ලෙස ගැහි ගැහි අයදින්නට විය. කිසිදිනක නොදුටු තමන්ගේ ආදරණීය සැමියාගේ හැසීරීම වටහා ගත නොහැකිව කතීජා තුමිය තුෂ්නිම්භූත විය. එවිට තමන්ට මුහුණ පාන්නට සිදුවූ දේ පිලිබඳ ඇයට විස්තර කළහ. බොහෝ විට පිරිමියකුගේ සියලු ගති පැවතුම් හා ක්‍රියා කලාපයන් බිරිඳ හොඳාකාරව දැන සිටින අතරම ඒ හා සමානව  ඇයගෙන් උපදෙස් ද ලැබීම සාමාන්‍ය දෙයකි. ඒ ආකාරයෙන්ම මුහම්මද් තුමාවද ආදරණීය බිරිඳවන කතිජා තුමිය පහත ආකාරයට දිරිමත් කලාය.

"ඔබ යහපත් පුද්ගලයකුගේ යහපත් පුතෙක්. කිසිදාක අනුන්ට අයහපතක්වීම අනුමත නොකරන ඔබ අනුන්ට උදව් කිරීමෙහිලා ප්‍රමුකව කටයුතු කරන්නෙකි. අමුත්තන්ට සංග්‍රහ කරන ඔබ අසල්වසියන්ටද උදව් කරන්නේය. එනිසා ඔබට අයහපතක් සිදු නොවේ. අල්ලාහ් දෙවියන් ඔබව රකීවි" යනුවෙන් පැවසුවාය.

කෙසේ වෙතත් කතිජා තුමිය තමන්ගේ ඥාතියකුවන ක්‍රිස්තියානි ධර්මය පිලිබඳ මනා දැනුමක් ඇති වරකා ඉබ්නු නව්ෆල් තුමාගෙන් මේ පිළිබඳව ඇසූ විට  වරකා ඉබ්නු නව්ෆල් තුමා මෙසේ දෙවියන්ගෙන් පණිවුඩ ලබන්නේ වක්තෘවරුන්ට පමණක් බැවින් අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද් තුමාව වක්තෘ වරයකු ලෙස තෝරාගෙන තිබෙන බව පැවසුහ.

මෙසේ කාලය ගෙවෙත්ම වසර තුනක්ම මුහම්මද් තුමා සර්වඥය අල්ලාහ් දෙවියන්ගෙන් තමන්ට ලැබෙන පණිවුඩ ඉතා සීමිත අයට පමණක් එළිදරව් කළහ. තමන්ගේ කල්‍යාන මිත්‍රයා වන අබුබක්කර් තුමාද තමාගේ ඥාති පුත්‍රයකු වන අලි තුමාද මෙය ඇසු විගස මුහම්මද් තුමාව විශ්වාස කළහ. දිනක් මෙම සත්‍යය සියල්ලන්ටම දැනුම් දියයුතු බවට අල්ලාහ් දෙවියන්ගේ අණ ලැබිණි.

ඒ අනුව සියල්ලන්ම රැස්වසිටින ක:බාව ඉදිරිපිට ඇති කන්දකට නැගගත් මෙතුමා හඬ නගා සියල්ලන් ඇමතුහ. "මේ කඳු පේලියට පිටුපසින් ඔබට පහර දීමට සේනාවක් පැමිණ සිටිනවා යනුවෙන් මා පැවසුවහොත් ඔබලා එය විශ්වාස කරනවද" යනුවෙන් ඇසුහ. එවිට ඔවුන් "ඔබ අපගේ ගෞරවයට පාත්‍රවූ අයකි. ඔබ කිසිදිනක බොරු පවසන්නේ නැත. අප ඔබව විශ්වාස කරන්නේමුයි" පැවසුහ. එවිට එතුමා " එයටත් වඩා භයානක මතු ජීවිතය ජයගැනීමට මා සමග එක්වන්න. අල්ලාහ් දෙවියන්ට පමණක් අවනත වෙන්න, අයහපත් දේ අතහැර යහපත කරා පැමිණෙන්න යනුවෙන් පැවසුහ.

මෙයත් සමගම මෙතෙක් කාලයක් අස්සාදික් අල්අමීන් එනම් සත්‍යවන්තයා විශ්වස්වන්තයා යනුවෙන් ගරුනාම ලබපු මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) තුමාගේ දිවියේ ඉතාම භයානක කාල පරිච්චේදය ආරම්භ විය.

මෙතුමාගේ මාර්ගයට පැමිණියහොත් තමන්ගේ මහන්තත්වය, සැප සම්පත් සුඛෝපභෝගී ජීවිතය නැති වේ යන බිය නිසා මෙතුමාට හැකිතරම් විරෝධය පෙන්වීමට මෙම නින්දිත ජනයින් වග බලා ගත්හ. ශාරීරික හා මානසික වශයෙන් නොයෙකුත් වධබන්ධානයන්ට ලක්වීමට මෙතුමාට හා මෙතුමාගේ අනු ගාමිකයන්ට සිදුවිය.

මෙසේ දිනෙන් දින මුහම්මද් තුමාගේ අනුගාමික සංක්‍යාව වර්ධනය වීම නොරූස්සු මොවුන් මෙතුමාව හා මෙතුමාගේ පවුලේ සාමාජිකයන්ව සමාජයෙන් වෙන්කර ඔවුන්ට ආර්ථික තහංචිද පැනවූහ. මේ නිසා මෙතුමාට අනේකවිද දුක් කම්කොටලුවලට මුහුණපාන්නට සිදුවුවත් තමන්ගේ ප්‍රචාර කටයුතු එලෙසම කරගෙන ගියහ.

ඉස්ලාමීය ප්‍රචාරය නවතා දැමීමට නොහැකි මක්කා නගරයේ කුරයිස්වරු මෙතුමා සමග අන්‍යෝන්ය සම්බන්දතාවයක් ගොඩනැගීමට තෙත් කළහ. ඒ අනුව මනා දැනුමක් ඇති අය ලවා මෙතුමාට පහත පරිදී යෝජනා මාලාවක් යොමු කළහ.

1. ඔබට අවශ්‍ය පරිදි වස්තුන් අප නොමිලයේ ලබා දෙන්නම්
2. ඔබ කැමති රූමත් තරුණියක් විවාහ කරගන්න
3. ඔබ අපේ නායකයා ලෙස පිළිගන්නම්

ඒ වෙනුවෙන් ඔබ ඔබේ ප්‍රචාරය නවතාදමන්න. අපේ දෙවි වරුන්ව දිනක්ද ඔබේ දෙවියන්ව දිනක්ද නමදින්න ඉඩ හරිය යුතුය යන්න පැවසුහ. එවිට අල්ලාහ් විසින් පහත සඳහන් අල්කුරන් වාක්‍ය පහල කරන ලදී.

 (නබියේ! ප‍්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප‍්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ නමදින දැය මා නමදින්නේ නැත. මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත. (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව. මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව. ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක‍්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැබෙන්නේය.


මෙම සිදුවීමත් සමගම මුහම්මද් තුමාගේ අධිශ්ඪානය ලෞකික ජීවිතය නොවන බව වටහා ගත් මොවුන් අවසන් වරට මෙතුමාව ඝාතනය කිරීමට තීරණය කළහ.
(ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න)

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment