Saturday, November 24, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?
Nov 24th 2012, 18:51



හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?

මෙම මාතෘකාව කාලීන හා ආන්දෝලනාත්මක ප්‍රවනතාවයකට අද වන විට පත්වී ඇති බව රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් එනම් 10% ක් තරම් සිටින මුස්ලිම්වරුන්ගේ සංකල්පයක් වන හලාල් සංකල්පය සමහර බෞද්ධ කොටස් තුල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙයට අවුරුදු පහකට පෙර මෙවැනි තත්වයක් නොතිබුනද, සමහර ජාතිවාදීන්ගේ අසත්‍ය චෝදනාවන් මත මුස්ලිම්වරු කුමක් කලත් කුමක් කීවත් එය යම් සැකයකින් බැලීමට අද සමහර බෞද්ධයන් පුරුදුව සිටීම රහසක් නොවේ. කෙසේ නමුත් හලාල් සංකල්පය තුලින් බෞද්ධයන්ට යම් කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකිද යන්න සලකා බැලීමට මෙම ලිපිය ඉවහල් විය හැකිය.

මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පැවසූ බව අබු හුරෛරා තුමා පහත පරිදි සඳහන් කර ඇත. එය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ හදීස් ග්‍රන්ථයක් වන මුස්ලිම් ග්‍රන්ථයේ සටහන් වී තිබේ.

සර්වඥය අල්ලාහ් දෙවියන් යහපත් වන අතර යහපත පමණක්ම පිළිගන්නේය. අල්ලාහ් විශ්වාස වන්තයින්ට අණ කල දේම ඔහුගේ දුතයන්ට ද අණ කළේය. තවඳ අල්ලාහ් මෙසේ පවසයි. "රසූල්වරුනි (අල්ලාහ්ගේ දුතයිනි) , පිවිතුරු දෙයින් අනුභව කරනු. තවඳ, දැහැමි කටයුතුවල යෙදෙනු.(අල්කුරානය 23:51). තවඳ සර්වඥය අල්ලාහ් දෙවියන් මෙසේ පවසයි. විශ්වසවන්තයිනි, අප නුඹලාට සපයා ඇති පිරිසිදු දෙයින් අනුභව කරනු. (අල්කුරානය 2:172).  යනුවෙන් පැවසූ මුහම්මද් නබි තුමා මෙසේද පැවසුහ, 

"එක්තරා මිනිසකු ඉතා දුරබැහැර ගමනක යෙදී සිටී, වෙහෙසාදික හා දුවිලි පෙරාගත් ඔහු තමන්ගේ දෑත් අහස දෙසට ඔසවා මගේ දෙවියනි, මගේ දෙවියනි යනුවෙන් දෙවියන් අමතයි. ඔහුගේ ආහාර නීත්‍යනුකූල නොවේ, ඔහුගේ පානයන් නීත්‍යනු කූල නොවේ, ඔහුගේ වස්ත්‍රය නීත්‍යනු කූල නොවේ, ඔහුගේ ශරීරයේ මාංශ නීත්‍යනු කූල නොවේ, මෙසේ තිබියදී ඔහුට පිළිතුරක් ලැබෙන්නේ කෙසේ ද? " 

හලාල් යන අරාබි පදයේ තේරුම නීත්‍යනුකුල නොහොත් අනුමැතිය ලද යන්න වේ. මෙහි විරුද්ධ පදය හරාම් එනම් නීති විරෝධී නොහොත් තහනම් යන අර්ථය ගෙනදේ. හරාම් නොවන සියල්ල හලාල්වේ.

ඉහත නබි වදනට අනුව තමන් සතු සියල්ල හලාල් හෙවත් නිත්‍යානු කූල විය යුතුය. තමන්ගේ ශරීරය නීත්‍යනුකුල නොවන මාර්ගයේ ඇතිදැඩි කර ඇත්නම් එයත් තහනම් වේ. (සොරකම,පොලිය, රැවටීම, බොරු පොරොන්දු මගින් ඉපයීම, අල්ලස් ගැනීම සහ එයට උදව් කිරීම, කිරුම් මිනුම්හි වංචා කිරීම යනාදිය හරාම් හෙවත් තහනම්වේ.)

ඉස්ලාමීය සංකල්පය අනුව මෙය ආධ්‍යාත්මික හා ලෞකික යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකිය. එනම් තම මනස පිරිසිදුව හා නිර්මලව තබා ගැනීමටත් තම බාහිර ක්‍රියාකලාපයන් යහපත්ව තබා ගැනීමටත් මෙය ඉවහල් වේ. ලෞකික ජීවිතය යහපත් කල හැක්කේ ආධ්‍යාත්මිකව දියුණු වූ කෙනෙකුට පමණී. හලාල් නොවන එනම් හරාම් (තහනම්) වන සමහර ගතිපැවතුම් පහත දැක්වේ.

* ඊර්ෂ්‍යාව  - කෙනෙකුගේ දියුණුවට  හෝ ලැබීම්වලට නොසන්සුන් වීම, කරදරවීම හෝ අතෘප්තිමත්වීම.
* ක්‍රෝධය , වෛරය - එනම් තමන් අකමැති පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට  යම් අලාභයක්/දුකක්/කරදරයක් සිදුවූ විට සතුටුවීම හෝ එසේ සුදුවීම බලාපොරොත්තු වීම.
* තණ්හාව - ලද දෙයින් සතුටු නොවී අධික ලෙස ආශා කිරීම.
*  නරක ඉච්ඡාව  - අයහපත් සිතුවිලි. උදා: අසල් වැසියාගේ බිරිඳට ආශා කිරීම හෝ වෙනත් ස්ත්‍රියක සමග මානසිකව තෘප්තිවීම.

හලාල් සංකල්පයේ ප්‍රධාන අරමුණ පහත පරිදී වේ.
1. ධර්මයෙහි පිරිසිදුබව රැකගැනීමට
2. ඉස්ලාමීය  මානසිකත්වය ආරක්ෂා කිරීමට.
3. ජීවිතය ආරක්ෂා කිරීමට
4. දේපල  ආරක්ෂා කිරීමට
5. මතු පරම්පරාව ආරක්ෂා කිරීමට
6. ආත්ම ගරුත්වය හා අවංකත්වය ආරක්ෂා කිරීමට

හලාල් නොවන එනම් හරාම් (තහනම්) වන සමහර ක්‍රියාවන් පහත දැක්වේ.
1. කාමයේ වරදවා හැසිරීම  - තමන්ගේ නීත්‍යනුකුල බිරිඳ හෝ සැමියා නොවන කෙනෙකු සමඟ කාමයේ හැසිරීම හෝ ස්ත්‍රී දුෂණය.
2. සොරකම/මිනීමැරීම/මංකොල්ල.
3. අනුන්ට හිරිහැර/කරදර වන ආකාරයට ක්‍රියා කිරීම. උදා: අසල්වැසියන්ව/මිත්රයන්ව/පවුලේ අයව අපහසුතාවයට පත් කිරීම.
4. සත්ව හිංසනය
5. පරිසර හානිය
6. නිකරුනේ සම්පත් අපතේ යැවීම / නාස්තිය - ගේදොර වැඩ සඳහා ජලය අපතේ යැවීම. සාදයකදී අවශ්‍යතාවයට වඩා ආහාර නාස්ති කිරීම.

ඉස්ලාමීය සංකල්පයට අනුව මුස්ලිම්වරයකුගේ ජීවිතයේ අරමුණ මතු ආත්මයේදී ස්වර්ගය ලබා ගැනීමයි. මෙම අරමුණ කරා ලඟා වීමට නම් මෙලොව යහපත් ජීවිතයක් ගත කල යුතුය. හරාම් වූ දෙයින් වැලකිය යුතුය.

හරාම් හෙවත් තහනම් වන සමහර අහාර පහත දැක්වේ.
1. නජීස් හෙවත් අපිරිසිදු  දෑ - බල්ලා ඌරා යනාදිය
2. රුධිරය
3. දඩයම් දත් ඇති සතුන් - සිංහයා,කොටියා, බලලා යනාදීන්
4. නියවලින් ඩැහැගෙන  ආහාර ගන්නා පක්ෂීන්  - රාජාලියා, ගිරවා.
5. නොමරන ලෙස වලක්වනු ලැබුවන් - ගෙම්බා, මී මැස්සා
6. පිළිකුල් සහගත දේ - කෙල, සොටු, ලේ, පණුවන් ආදී දේ.
7. මරා දැමීමට නියමවූ විෂගෝර සතුන් - හුනා, සර්පයා, ගෝනුස්සා.
8. මිනී මස්.
9. ශරීර සෞක්‍යයට හා බුද්ධියට වින කරන දේ - දුම්බීම, මත්ද්‍රව්‍ය, අහිතකර රසායනික ද්‍රව්‍ය.

නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පවසා ඇත්තේය.

"හරාම් වන දෙය අනුබව කොට වැඩුනු කිසිඳු සිරුරක් ස්වර්ගයට නොපිවිසෙයි. එම සිරුරු ගැලපෙන්නේ අපායටයි." (තිර්මිදී). 

වර්තමානයේ ආහාර කල්තබා ගැනීමටත් රසවත් කිරීමටත් නොයෙකුත් ආධාරකයන් හා රසායනික සංයෝග ආහාරවලට යොදනු ලබනවා. බොහොමයක් ආධාරකයන් (preservatives) සාදා තිබෙන්නේ සතුන්ගේ ඇටසැකිලි වලින්ය. සමහර යෝගට් කල්තබා ගැනීමට ජෙලටින් යොදනු ලැබේ. ජෙලටින් ලබන්නේ සත්ව ඇටකටු වලින් සහ ටිෂු වලිනි. http://en.wikipedia.org/wiki/Animal_product  තවඳ ආහාර පිලියල කිරීමේදී පිරිසිදුව ඒවා අසුරනු නොලබන්නේ නම් එහි රෝගකාරකයන් බෝවීම වැළැක්විය නොහැක.


මේ නිසාම මුස්ලිම්වරු හලාල් ලෙස සහතික වූ ආහාර පමණක් වෙළෙඳ පොලෙන් මිලදී ගනු ලබයි. තවඳ මුස්ලිම් රටවල් වල හලාල් සහතික නොමැතිව කිසිවක් ආනයනය නොකරයි. මෙවැනි හලාල් සහතික නිකුත් කල යුත්තේ විශ්වාස වන්ත ඒකකයක් මගිනි. ශ්‍රීලංකාවේ මෙය සිදු කරන්නේ ජාමියතුල් උලමා එනම් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව මගින් පිහිටුවා ඇති ඒකකයක් මගිනි. බොහෝ විට ආහාර වර්ගවල අඩංගුදේ වෛද්‍ය හෝ සායනික පරීක්ෂණයකින් තොරව සොයාගත නොහැකිය. සමහර සායනික උපකාර ලංකාවේ නොමැති වූ විට එය වෙනත් රටකට යවා ඔප්පුකල යුතුව තිබේ. ඒ සඳහා යන වියදම ඒ ඒ නිෂ්පාදන ආයතනවලට දැරිය යුතුවේ. තවඳ මෙය නොකඩවා පවත්වා ගැනීමට පරිපාලනමය වියදමක් දැරීමට සිදුවේ.



කෙසේ වෙතත්, මෙම හලාල් සහතික නිකුත් කිරීම මගින් ඉතා විශාල සේවාවක් සිදුවන අතර ඒ ඒ ආහාර් වල අඩංගු දේ මොනවාදැයි පාරිබෝගිකයන්ට පැහැදිලිව දැනගත හැකිය. මස් මාංශ තහනම් කරගත් බෞද්ධයන්ට හලාල් සහතික මගින් ප්‍රයෝජනයක් තිබේදැයි හඳුනා ගැනීම ඔවුන් සතු දෙයකි. නමුත් ඒ මගින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු නොවන බව සඳහන් කල යුතුය.


You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment